Chapter 19

201 48 24
                                    

මෙතන ඉදන් තියෙන්නේ අවුරුදු 2කට කලින් සූයාට උන දේ.. සූයා තමා කතාව කියන්නේ හොදේ... ඔයාලගේ ප්‍රශ්න විසදෙයි මෙතනින්...

2 years before
Suya pov

අද උදේ ඉදන් මට හරි අමුත්තක් දැනෙන්න අරන්. අනේ මන්දා මහ අමුතු බයක් එනවා. ම්හ්.. මට තේරෙන්නේ නෑ අනේ.. මට බයයි.. මගේ කුකී ඔප්පාත් හයිබ් එකට ගියා. මට පාලුය්.. මට ඕනේ ඔප්පාගේ පපුවට තුරුල් වෙලා මගේ හිත නිදහස් වෙනකන් එයා එක්ක කතා කරන්න.. ඒත් ඉතින් කුකි ඔප්පා එද්දි හවස් වෙයි.. මගේ ඔප්පාත් නෑනේ.. ටේ ඔප්පා ජින් ඔප්පායි එකතු වෙලා ජියා එක්ක සෙල්ලම..

ටේ ඔප්පා නම් සෝයි අනේ... ජියා එක්ක පොඩි බබා වගේ සෙල්ලම.. හී.. හී.. මියා කිව්වා හරි.. ටේ ඔප්පා නම් හරි සෝයි.. මියාටම ගැලපෙන සිගිති ආතල් ටේ ඔප්පටත් තියෙනෝ.. 😂

ට්‍රීන්... ට්‍රීන්..

ඕහ්.. ඔය කියනකොටම කෙල්ල කෝල් කරනවා.. ඔව් මියා.. 😊

මියා කියන්නේ මගේ ට්වින් සිස්ටර්.. ම්ම්.. ඇත්තටම මගේ ඔප්පාවත් දන්නේ නෑ එයාට නංගිලා දෙන්නෙක් ඉන්නවා කියලා.. ඒක දන්නේ මායි මගේ නංගියා මියායි අපේ අප්පායි විතරයි.. යූංගි ඔප්පා හිතන් ඉන්නේ අපේ අප්පා මැරිල කියලා..

මම මගේ කතාව ඔයාලට කියන්නම්
. ඊට කලින් මේ දගමල්ලගේ කෝල් එක ආන්ස්වර් කරන්න ඕනනේ 😂 නැත්නම් මගේ කන් දෙක ඉවරයි..

සූයා - හෙලෝ මියා.. කොහොමද කෙල්ල ඉතින්..

මියා - ඔන්නියෝ... බොගෝශිප්තා 😭

සූයා - මටත් පාලුයි මැනික.. මොකෝ ආ අඩන්නේ? ඇයි කොල්ලාව මතක් උනාද? 😂

මියා - ඔන්නීඊඊඊ... 🙂 කෝ ඉතින් ටේ ඔප්පා ඉන්නෝද? අනේ මට පෙන්නන්නකෝ.. අලේ...  මෙහෙ ආවට පස්සේ මම ඔප්පාව දැක්කෙම නෑ අනේ..

සූයා - ඔව් ඔව්.. ඉන්නකෝ මම වීඩියෝ කෝල් එකක් ගන්න.. ඔයාගේ ටේ ඔප්පා නම් ගැලපෙන්නේ ජියාට. දවසම පොඩි එකා වගේ ජියාවත් අල්ලන් සෙල්ලම... ඕන් බලන්නකෝ මිදුලට වෙලා මහා බබායි පොඩි බබායි වැලි නාන හැටි..

මම මියාට වීඩියෝ කෝල් එකක් අරන් ගියේ බැල්කනි එකට.. බැල්කනි එකෙන් බැලුව ගමන් පේන්නේ ටේ ඔප්පායි ජියායි ගාර්ඩන් එකෙ තනකොල ගොඩ උඩ වැටිලා දොයියන් ඉන්නවා. ජින් ඔප්පා හිනා වෙවි බලන් ඉන්නවා.. ජියා නම් බිම තියෙන වැලි හාර හාර ටේ ඔප්පාගේ බඩ උඩ ගොඩ ගහලා ගෙවල් හදනවාලු.. 😂

❤️ My Crazy Girl 😋 || Completed || JJKWhere stories live. Discover now