Chapter 12

269 55 11
                                    

🦄 " කුකී සූයා සූසයිඩ් කරගත්... "

🐰 " ඒක මම දන්නවා හ්‍යුන්ග්.. මගේ ඇස් දෙක ඉස්සරහා ලේ විලක් මැද්දේ වැටිලා හිටිය කෙල්ලව මම ඇස් දෙකෙන්ම දැක්කා.. මට ඒක නෙමේ දැනගන්නෝනේ හ්‍යුන්ග්.. මට දැනගන්න ඕනේ ඔයාලා මගෙන් හංගන රහස්.. ඇයි සූයා සූසයිඩ් කරගත්තේ? මොකක්ද එයාට තිබ්බ ප්‍රශ්නේ? මට තේරෙන්නෑ හ්‍යුන්ග්.. සූයා සූසයිඩ් කරගත්ත දවසට කලින් දවසේ රෑත් කෙල්ල හොදට හිටියානේ. ඒත් මම හයිබ් එකට ගිහින් එන ටිකට... 🥺🥺🥺 "

🐨 " හරි කුකී ඔයාගේ ඔය ඔක්කොම ප්‍රශ්නවලට මම උත්තර දෙන්නම්. හ්ම්ම්.... කුකී කලබල වෙන්නෙපා මේක අහලා හොදද? "

🦄 " එදා සූයා සූසයිඩ් කරගත්තේ නෑ කුකී.. සූයා මැරුනේ ඇගෙන් ගොඩක් ලේ ගියපු නිසා.. "

🐰 " මොකක්??? 😐 "

මොනාද මෙයාලා මේ කියන්නේ? මගේ සූයා සූසයිඩ් කරගත්තේ නෑ.. එහෙනම් ඇයි එයා ඒ වගේ ලේ ගොඩක් මැද?? 🥺🥺

🐱 " ජුනා මම රූම් එකට යනවා බන් මට බෑ ආපහු ඕක අහන්න.. මම කොහොමද මගේ නංගිව.. මගෙම නංගිව.. 🥺🥺 ආශ් මට බෑ ජුනා.. 😐 "

යූංගි හ්‍යුන්ග් එයාගේ රූම් එකට යනවා කියලා ගියේ ඇස්වලින් බේරෙන කදුලු පිහදාන ගමන්. ☹️

🐹 " කුකී එදා ඔයා හයිබ් එකට ගියාට පස්සේ ගෙදර හිටියේ මායි ටේයි විතරයි.. ඒ වෙලේ ඔයාලාගේ චූටි රෝස මල හොදටම අඩන්න ගත්තා. අපිට හිතාගන්න බැරි වුනා මොකද කෙල්ල අඩන්නේ කියලා. අනික අපි ගොඩක් බය වුනා ජියා කහා පාට වෙලා හිටිය නිසා. කෙල්ල හුස්ම ගත්තෙත් ගොඩක් අමාරුවෙන්. අපිට තේරුමක් නෑනේ බබාලා ගැන. ඒ අස්සේ සූයා හෝගාලා අඩනවා. ටේ ඒ නිසා ඔයාලාගේ ඔම්මාට කෝල් කරලා ඇහුවා ඇයි කියලා. ඒ අතරේ මම ඉක්මනට දුවන් ගියා කාර් එක ගේන්න චූටිට අමාරුයි වගේ පේන නිසා."

🐯 " එතකොට කුකී ඔයාලගේ ඔම්මා කිව්වේ පුලුවන් ඉක්මනට බබාව හොස්පිට්ල් ගෙනියන්න. බබාට කිරි ඉස්මොල්ලේ ගිහින්ද දන්නෑ කියලා. ඒ අතරේ මම හිමීට බබාගේ පිටට තට්ටු කලා ඔයාලගේ අම්මා කිව්ව විදියට. ඒත් ජියාට එක පාරටම හුස්ම හිර වුනා කුකී.. ඒක දැක්ක ගමන් සූයා කලන්තේ දාලා වැටුනා. "

❤️ My Crazy Girl 😋 || Completed || JJKWhere stories live. Discover now