Chapter 26

208 47 9
                                    

Jungkook pov

ක්ලබ් එක ගාවින් කාර් එක නවත්තපු ගමන් ටේ ඉන්න කියලා කෑගහද්දි ජිමිනා ක්ලබ් එකට ඇතුලට දුවලා ගියා. ඒ කොටා ගිහින් මොනා කරගනීද දන්නැති නිසා මායි ටේ හ්‍යුන්ග්නුයිත් ජිමින් පස්සෙන් ක්ලබ් එකට යන්නයි ගියේ. මොකද ජිමින් ඉන්නේ හොද සිහියෙන් නෙමේ. ඌ ඉන්නෙ චාරු නිසා ගොඩක් දුකෙන් බයෙන් වගේම තරහෙන්.. ඉතින් ඌ මේ වෙලාවේ උගේ ජිවිතේ ගැනවත් හිතලා වැඩ කරන්නෑ කියල මායි ටේ හ්‍යුන්ග්නුයි අත්දැකීමෙන් දන්නවා.

" අන්‍යොන්ග්  .... "

මායි ටේටේ හ්‍යුන්ග්නුයි ක්ලබ් එක ඇතුලට යන්න යද්දි එක පාරටම හුරුපුරුදු වොයිස් එකක් ඇහුනා. ඔව් ඒක ගෑනු ලමයෙක්ගේ වොයිස් එකක්.. 😃❤️ ඒක ඇහුන ගමන් මට දැනුන සතුට.. ආහ් මට තේරෙන්නෙ නෑ ඒ සතුට වචන වලට පෙරලන්න 🥺 අනේ.. ඒ.. ඒ .. වොයිස් ඒක.. ඒක මම අහන්නේ අවුරුදු කීයකට පස්සෙද.. අනේ මගේ මැනික ජීවත් වෙනවා කියල මම කිව්වේ බොරුවට නෙමේනේ.. ඔව් ඒ වොයිස් එක මගේ මැනිකගේ.. මගේ සූයාගේ.. 😍 ඒ හීනි කියුට් ලස්සන වොයිස් එක.. අවුරුදු 2කට විතර පස්සේ අද මට ආපහු ඇහෙනවා..

මම දැක්කා ඒ වොයිස් එක ඇහුන ගමන් ටේ හ්‍යුන්ග්නුත් ඉන්න තැනම ගල් වෙනව. 😃 එයාටත් සතුටු ඇති.. සූයගේ වොයිස් එක ඇහුන නිසා.

" ටේහ්‍යුන්ග් ඔප්පා. "

ඒ ගෑනු ලමයාගේ වොයිස් එක ආපහු ඇහෙද්දි නම් ටේහ්‍යුන්ග්ගේ මූනේ ඇදුනේ හරි ලස්සන හිනාවක්.. එයා ඒ හිනාවත් එක්කම පිටිපස්ස හැරිලා කෙල්ල දිහා බැලුවා. මාත් ටේ එක්කම පිටිපස්ස බැලුවේ ඒ කෙල්ල මට කතා නොකර ටේට කතා කරපු එකට හිත රිදුන නිසා. ඔව් මගේ සූයා මට කතා නොකර ටේට කතා කලෙ. සමහරවිට සූයා මාව දකින්න නැතුව ඇති.. කුකී දුක් වෙන්න එපා.

මම එහෙම හිතලා හිත හදන් කෙල්ල දිහා බැලුවා. 😍 ඔව් ඒ... ඒ ඉන්නේ මගේ සුයා.. ඔව් සූයා තමා. ඒ චූටි හුරතල් මූන. ඒ ලස්සන හිනාව.. කෙල්ල තාම ඉස්සර වගේමයි ටිකක්වත් වෙනස්වෙලා නෑ 😃

ඒත්.. ඒත්.. සූයා ඊලගට කරපු දේ.. මට දැනුනේ මගේ මුලු ලෝකෙම මගේ කකුල් දෙක ඉස්සරහ බිමට කඩන් වැටුනා වගේ. 🥺 සූයා මාව දැක්කා. ඒත් එයා යාන්තන් මාත් එක්ක හිනා වෙලා දුවලා ගිහින් ටේහ්‍යුන්ග්ව බදාගත්තා. 🥺 මට මතකයි සූයා චූටිම කාලේත් හිටියෙ ටේ එක්ක.. ඒත් එයා ඇමරිකා ගිහින් ආවාට පස්සේ හිටියේ මාත් එක්කනේ. පි ආදරේ කලානේ.. 😭 අනේ මැනික.. මට ඔහොම කරන්න එපා. මෙතන ගොඩක් රිදෙනවා පන. මගේ පපුව හිරවෙනවා වගේ ඔයා වෙන කොල්ලෙක්ට තුරුල් වෙලා ඉන්නවා දකිද්දි.. අනේ සූයා මට ඔහොම කරන්න එපා..

❤️ My Crazy Girl 😋 || Completed || JJKWhere stories live. Discover now