Chapter 13

288 61 12
                                    

කලින් චැප් එක මිස් උන අය ඒක කියවලා මේකට එන්න හොදේ ....

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

දින සති ගනන් ගෙවිලා ගියා. අපි හැමෝම චාරුව හොයපු නැති තැනක් නෑ. ඒ අතරේ ආශිගේ මතකේ ගන්නත් අපි නොකරපු දෙයක් නෑ. ඒත් ඉතින් ආශිගේ මතකේ ගන්නත් ආශි ගැන දැනගෙන ඉන්නෝනෙනේ.. අපි එයා ගැන නොදැන කොහොම එයාගේ මතකේ ගන්නද??

එදා සූයා ගැන දැනගත්ත දවසෙ රෑම මම ජියාව ඔම්මලාගේ ගෙදර ගිහින් නැවැත්තුවේ ජියාට ආශිව දාලා යන්න බෑ කියල කෑගගහා අඩද්දි. ඒත් මේ ප්‍රශ්නෙත් එක්ක ජියාව මන් ගාව තියාගන්න බෑ..  මට බෑ එයාගේ ජීදිතේ අනතුරේ දාන්න.

සූයාගේ මර්ඩර් එක කරලා තියෙන්නේ අපේ බෑන්ඩ් එකත් එක්ක තරහින් ඉන්න කෙනෙක් කියලා අපි හොයාගත්තා. සූයාගේ මරනෙන් අපිව බිමටම ඇදලා දාන්න තමා ඒ මිනිහාට ඕනේ වෙලා තියෙන්නේ.. ඒත් අපේ යූංගි හ්‍යුන්ග්ට පිං සිද්ධ වෙන්න එහෙම දෙයක් උනේ නැති නිසා ආපහු ඒ මිනිහා වැඩ පටන් අරං.. ජිමින්ගේ කෙල්ල චාරු කියලා හිතලා තමා චාරුව කිඩ්නැප් කරලා තියෙන්නේ කියලා අපි දැනගත්තේ පොලිසියෙන් අල්ල ගත්ත කිලර් කියන පාතල කල්ලියේ සාමාජිකයෙක්ගෙන්.

කිලර් කියන කල්ලියේ නායකයා, park ji yoen තමා gk entertainment එකේ අයිතිකාරයා.. btsලා එයාලගේ මුල්ම award  එක දින්න දවසෙමයි එයා btsලට bighit එකෙන් අයින් වෙලා එයලාගේ ආයතනය එක්ක එකතු වෙන්න කිව්වේ. ඒත් ඒකට btsලා කවුරුත් කැමති උනේ නැති නිසා එයා btsලා එක්ක වෛර බැන්දා. අද btsලාගේ සාර්තකත්වය ඒ මනුස්සයාගේ ඇහැට කටු අනිනවා වගේ. එයා හිතන්නේ ඒ පිලිගැනීම් ඔක්කොම එන්න ඕනේ හයිබ් එකට නෙමේ එයාට කියලා. ඒ නිසා ජීයොන්ට ඒක බලන් ඉන්න බැරි උනා. ඒකයි bts සාමාජිකයන්ට කරදර කරන්න වට්ටන්න ප්ලෑන් ගහන්න ගත්තේ. ඒත් ජීයොන්ට තේරුනා btsලාටවත් එයාලාගේ පවුල්වලටත් කරදර කරන එක ලේසි වැඩක් නෙමේ කියලා.

ඒ නිසා වයසක අජුම්මා කෙනෙක්ව ඒ ගෙදර වැඩට යවලා btsලා ගැන විස්තර හෙව්වා. එදා සූයා තනි වුනා කියලා දැනගත්ත ගමන් සූයාට ඒ වගේ අපරාදයක් කෙරෙව්වේ btsලට පාඩමක් උගන්නන්න. මොකද ඒ කොල්ලො හත්දෙනාම සූයාට පන ඇරලා කියලා ඒ මනුස්සයා දැනන් හිටියා. ඒත් සූයාගේ මරනෙන් පස්සේ ජේකේ පිස්සු නැටුවත් අනිත් අය එයාලගේ ටීම් එකට වැටෙන්න දුන්නේ නැති නිසා එයාලා අද ලෝක ප්‍රසිද්ධ බෝයි බෑන්ඩ් එක වෙලා.

❤️ My Crazy Girl 😋 || Completed || JJKWhere stories live. Discover now