Chapter 02

406 75 4
                                    

" කුකී ඔප්පා... 😋 යාහ්.. ඔප්පා... නැගිටිනවකෝ... 😕 කම්මැලි හාවා... 😑"

සූයා කෑගගහා ජනෙල් රෙද්ද ඈත් කරපු නිසා මම මූනට වැටෙන හිරු එලියෙන් ආවරනය වෙන්න කොට්ටෙන් මූන වහගත්තා.. හැමදාම වගේ මගේ සූයා මගේ ටී එකත් උස්සන් උදේ පාන්දරම මාව ඇහැරවන්න ඇවිත්..

අනේ මගේ කෙල්ල.. 😍

එයා දන්නවා නම්...😋 හැමදාම මම නැගිටලත් එයා මාව නැගිට්ටවන්න එනකන් බොරුවට නිදි වගේ ඉන්නවා කියලා..😂

හැමදාම වගේ අදත් බලෙන්ම මාව ඇදේ ඉන්දෝලා මගේ ඔඩොක්කුවට ආව සූයා මගේ ටී එක මට පෙව්වේ ගොඩක් ආදරෙන්න්... මම නම් ඒ මුලු කාලය පුරාම බලන් හිටියේ ඒ දිලිසෙන ආදරේ උතුරන ඇස් දිහා..

ඒ අහිංසක ලස්සන ඇස් දෙක.. 😍

ඔව්.....

ඒ ඇස් දෙක තමා මගේ මුලු ජීවිතේම.. 😍

" මොකෝ.. මගේ ඇස් දෙක දිහා ඔහොම බලන් ඉන්න බැහැ හොදේ.. දන්නවනේ මම ලෝක ප්‍රසිද්ධ BTS සංගීත කණ්ඩායමේ මින් යූංගිගේ වන් ඇන්ඩ් ඔන්ලි සිස්ටර්.. 😎"

" ආහ් ඇත්තද? 😂 එතකොට මේ වන් ඇන්ඩ් ඔන්ලි සිස්ටර් දන්නෑ වගේ නේද මම කවුද කියලා.. 😌 මම තමා ඔයාගේ අයියා ඉන්නවයි කිව්ව ලෝක ප්‍රසිද්ධ BTS සංගීත කණ්ඩායමේ ගෝල්ඩන් මැක්නේ ජියෝන් ජන්ග්කුක්..😋  එතකොට ඔය නෝනා හාමු තමා මේ ලෝකේ ඉන්න දහස් ගනන් කෙල්ලන්ගේ හදවත හොරාගත්ත ජන්ග්කුක්ගේ හදවත හොරකන් කරපු එකම කෙල්ල වගේම මගේ ආදරනීය දයාබර බිරිද..😎 "

මම හිනා වෙවී සුයාගේ කම්මුලක් මෘදු ලෙස අල්ලගන්න ගමන් එයාගේ ඇස් ඇතුලට එබිලා කිව්වේ..

හී හී.. 😁

පව් මගේ කෙල්ල.. 😂

ඒකට නම් ලැජ්ජා හිතුනද මන්දා.. 😂

ඒත් ඇයි ලැජ්ජාවෙන්නේ? මම කිව්වේ බොරු නෙමේනේ.. ශී ඉස් මයි වයිෆ්.. රයිට්?? 😌

වයිෆ්.. 😋

හහ්.. ඒ වචනේ ඇහෙද්දිත් මට පුදුම සතුටක් දැනෙන්නේ.. ඇත්තටම සූයා මගේ බිරිද.. මට තාමත් විශ්වාස කරගන්න බෑ.. මුලු ලෝකෙම නොදන්න මායි හ්‍යුන්ග්ලායි විතරක් දන්න රහස තමා මම මැරි කරලා කියන එක.. ආහ් අමතක වුනානෙ.. පීඩී නිම්... එයත් දන්නවා අපි දෙන්නා මැරීඩ් කියලා...

❤️ My Crazy Girl 😋 || Completed || JJKWhere stories live. Discover now