Chapter 23

208 46 1
                                    

Jimin pov

අපි කට්ටියම හැමතැනම දුව දුව ප්‍රින්සස්ව හෙව්වත් කෙල්ල කොහෙවත් නෑ. ටේයි මායි ජින් හ්‍යුන්ග්ටත් කෑගගහා කතා කර කර පහලට ආවා. එතකොට තමා අපි දැක්කේ යූංගි හ්‍යුන්ග් එක්ක ජංකුකා ඇවිත් කියලා. ටේ ආශි නෑ කියලා කිව්වා විතරයි යූංගි හ්‍යුන්ග්ට මල පැනලා දුවගෙන ඇවිත් ටේගේ බෙල්ලෙන් අල්ලගත්තා.

🐯 " ආහ්.. හ්‍යුන්ග් ... අත්.. අත අරින්..නා.. මට්ට.. හුම්ම.. ග්. ගල්ල.. බැ.. හ්හ්.. කැහැ.. ක්ක් කැහ්.. "

ටේගේ බෙල්ලෙන් යූංගි හ්‍යුන්ග් ගොඩක් තදට අල්ලන් ඉන්නේ කියල මට තේරුනේ කොල්ලා හුස්ම ගන්න බෑ කියලා දගලද්දි..

🐣 " ටේහ්‍යුන්ගා.. ආහ්.. යාහ්.. යූංගි හ්‍යුන්ග් ඔය මොනාද කරන්නේ. ටේව අතාරිනවා මනුස්සයෝ.. ඔය කොල්ලා මැරෙයි.. 😑 ".

මම කෑගහගෙන ගිහින් යූංගි හ්‍යුන්ග්ව පැත්තකට කරන්න හැදුවත් හ්‍යුන්ග් මට වඩා ශක්තිමත්.. මම ජංග්කුකාට කතා කරලා උදව් ඉල්ලගන්න හැදුවත් ඌ කකුල් පන නැතුව බිම වැටිලා හයියෙන් අඩන ගමන් උගෙ කොන්ඩෙන් ඇදගන්නවා..

ටේට දැන් නම් හුස්ම ගන්න ගොඩක් අමාරුයි..

🐣 " හ්‍යූන්ග්.. ජින් හ්‍යුන්ග්.. ඉක්මනට එන්නකෝ. අනේ හොබී හ්‍යුන්ග්.. ආයිශ්.. යූංගි හ්‍යුන්ග් මගේ ටේව අතාරිනවා.. "

මම මට පුලුවන් තරන් හයියෙන් කෑගැහුවේ යූංගි හ්‍යුන්ග් තවත් මෙහෙම බෙල්ල මිරිකන් හිටියොත් ටේට හුස්ම හිර වෙනවා කියල තේරුන නිසා.

🐹 " යූංගීඊඊඊඊඊ... 😡😡 "..

එක පාරටම කොහෙදෝ ඉදන් දුවන් ආපු ජින් හ්‍යුන්ග් ටේහ්‍යුන්ග් හිටිය විදිය දැකලා බය වෙලා හයියෙන් කෑගහගෙන අඩියට දෙකට යූංගි හ්‍යුන්ග් ගාවට ගිහින් කම්මුලට පාරක් ගැහුවේ යූංගි හ්‍යුන්ග් විසිවෙලා ගිහින් බිමට වැටෙද්දි..

🐹 " තමුසෙට පිස්සුද මිනිහො.. මෙතන වෙලා තියෙන ප්‍රශ්න මදිවටද මේ කොල්ලාගේ බෙල්ල මිරිකන්න යන්නෙ.. ටේහ්‍යුන්ගා උබ හොදින් නේද.. අවුලක් නෑ නේද ටේ.. 🥺 "

හොදටම මල පැනල හිටිය ජින් හ්‍යුන්ග් මුල ටික හයියෙන් කෑගහල අන්තිම ටික නම් කිව්වේ අඩන ගමන්.. යූංගි හ්‍යුන්ග් අත ඇරපු ගමන් ටේ බෙල්ලත් අල්ලගෙන කැහැ කැහැ බිමට වැටුනා. කොල්ලගේ මූන රතු වෙලා.. ඇස්වලින් කදුලු බේරෙනවා. බෙල්ලේ යූංගි හ්‍යුන්ගේ ඇගිලි පාරවල්..

❤️ My Crazy Girl 😋 || Completed || JJKWhere stories live. Discover now