Chapter 05

294 65 9
                                    

මම හිටියේ කැලයක් ලග තියෙන අතුරු පාරකින් යන ගමන්. දැන් ගොඩක් රෑ වෙලා නිසා මේ වගේ වෙලාවට පාරේ වාහනත් අඩුයි.. බීපු මනුස්සයෙක් ඇරුනාම පයින් යන මනුස්සයෙක්වත් හොයාගන්න නෑ..

මම හිටියේ සූයාගෙයි මගෙයි ආදරනීය දුක්බර මතක ගොඩක හිර වෙලා...

ඉතින් කාර් එක එලවන් ආවේ හයිස්පීඩ් එකෙන්.. 🥺🥺

පාලු මූසල පාරක කට්ට කලුවරේ අඩ අඩ ගිය මම එක පාරටම ගැස්සුනේ කැලේ ඇතුලේ ඉදන් ආව චායාවක් නිසා...😨

රෝස පාට හූඩියක් ඇදගත්ත ගෑනු ලමයෙක්..

මේ මහා රෑ...😨

තට්ට තනියෙම කැලයක් ඇතුලෙ ඉදන් දුවගෙන එනවා.. 😲

එයා ගොඩක් කලබලෙන් කැලේ ඇතුලේ ඉදන් දුවගෙන ආවේ..

එයාගේ ඇදුම්වල මඩ..

ඇදුම බාගෙට ඉරිලා..

එයාට සිහියක් නෑ පාර මැද්දට නේද මේ දුවගෙන එන්නේ කියලවත්.

කෙල්ල පාරට පනිද්දිම මම බ්‍රේක් කලත් වැඩක් වුනේ නෑ.. මම ආවෙත් හයිස්පීඩ් එකෙන්..

පීප්ප්..... 🚘🚦📢

කාර් එකේ කෙල්ලව හැප්පෙන්න ඔන්න මෙන්න තියෙද්දි මම තද කරලා ඇස් දෙක පියාගත්තා.😖

දඩ බඩාන්න්.....💥💥💥

ආහ්හ්...... 🤯😫😖

මුලු පලාතම වහගෙන ඇහුනු ගෑනු ලමයගේ බෙරිහන් දීපු හඩත් එක්ක මොනාද කාර් එකේ වදිනවා වගේ මට දැනුනා. ඒත් එක්කම මටත් කාර් එක කන්ට්‍රෝල් කරගන්න බැරි වුනා. මාත් එක්කම කාර් එක ගිහින් පාරේ අයිනේ තිබ්බ රූස්ස ගහක හැප්පිනා...

කාර් එක ගහේ වැදුනු පාරට මගේ ඔලුවත් ගිහින් කාර් එකේ වැදුනා..

ආහ්... 😖😖😣🩸🩸

ඔලුව වැදුන පාරට ඔලුව පැලිලා කියලා මට තේරුම් ගන්න වැඩි වෙලාවක් ගියේ නෑ.. මගේ මූන පුරා ගලා ගිය උණුසුම් ලේ ධාරාවත් එක්ක මට දැනුනේ ක්ලාන්ත ගතියක්.. 😣

මම බොහොම අමාරුවෙන් ෆෝන් එක හොයාගෙන ජින් හ්‍යුන්ග්ට කෝල් එකක් ගත්තා.. උදව්වක් ඉල්ලගන්නවත් මේ පාලු පාරේ මේ වෙලාවට කිසි කෙනෙක් යන්නේ නෑ කියලා මම අත්දැකීමෙන් දන්න නිසා.

❤️ My Crazy Girl 😋 || Completed || JJKOn viuen les histories. Descobreix ara