Chapter 30

206 43 0
                                    

Jungkook pov

🐯 " කුකී.. ඔන්න බලාගෙන මනුස්සයෝ.. ඇස් පේන්නේ නැද්ද.. ඔතන බැරල් එකක් යකො.. 😑 "

මම උඩ බලාගෙන ගිහින් යකඩ බැරල් එකක හැප්පෙනවා තව ඩිංගෙන්. හොද වෙලාවට ටේටේ හ්‍යුන්ග් කිව්වේ.. හී හී.. නෑ. නෑ උඩ බලන් නෙමෙ.. මම හිටියේ සූයා දිහා බලන්.. 🥲 මට මාව පාලනය නෑ. එහෙම වෙන්න එපැයි ඉතින් මම මේ කෙල්ලව දකින්නේ අවුරුදු දෙකකට විතර පස්සේනේ.. හරි හරි ඉතින්.. සූයා ආශි විදියට අපි ගාව හිටියා තමා.. බට්.. මම දැනන් හිටියේ නෑනේ ඒ මගේ සූයා කියල මුලදි.. ඒ නිසා මම සූයා දිහා බලන විදියට ආශි දිහා බලන්න ගියේ නෑ..

💜️ " අයිගෝ.. කුකි ඔප්පා. ඔයා තව ටිකෙන් ඕකත් පෙරලන් වැටෙනවා. බලාගෙන යන්නකෝ.. ඔයා වැටුනට කමක් නෑ.. බැරල් එක වැටුනා නම් අපි ඔක්කොම මාට්ටුනේ.. 😐
"

වට්.. ආර් යූ සීරියස් මැනික.. හහ්.. ඔයාට ඇත්තටම කමක් නැද්ද මම වැටුනට.. ග්‍රේට්.. 😐 ඒ කියන්නේ මම විතරද ඔයාට ආදරේ කරලා තියෙන්නේ..

සූයා මට කිව්ව දේ ඒ තරම් තරහා ගන්න ඕනේ දෙයක් නෙමේ තමා.. ඒත් ඒත්.. ඒකට මගේ හිත ගොඩක් රිදුනා. 🥺 ඒකයි මට තරහා ගියේ..

🐰 " මෝ ?? මොකක්ද සූයා ඔයා කිව්වෙ.. ආහ්.. මම වැටුනට කමක් නැද්ද මැනික.. 😐 "

💚 " ඔන්නි ඒක තමා කුකි ඔප්පා කිව්වේ 😂 "

සැක්.. මේ මියා නම් සූයාට ගැලපෙනවා. හරි ඉතින් අක්කයි නංගියිනේ 😑

🐰 " සූයා.. ඔයාට දැන් මං ගැන ගානක්වත් නෑනේ. හා හා ඉතින් කමක් නෑ. මම විතරනේ ඔයාට පිස්සෙක් වගේ ආදරේ කරන්නේ 🥲 "

සූයා තාම වචනයක් කිව්වේ නෑ. මගේ දිහා ඔහේ බලන් ඉන්නවා. එයාට තේරෙන්නේ නෑ එයා මාව ගනන් ගන්නෙ නෑ වගේ ඉද්දි මගේ හිත කොච්චර රිදෙනවාද කියල. 🙂

🐯 " යා කුකි. මොනාද කියවන්නේ.. ඒ කෙල්ල විහිලුවක් කලේ රට හාවො.. "

🐰 " හ්‍යුන්ග් විහිලුවක් වුනත් සීමාවක් තියෙනෝනේ හ්‍යුන්ග්.. සූයා මට දැන් ආදරෙ නෑ..  මම ගැන හිතන්නෑ.. හිතනවා නම් එයා ඒ වගේ කතා කරාම මට කොච්චර දුකද කියලා එයා තේරුම් ගන්න ඕනේ 🥺 "..

💜️ " කුකී ඔප්පා.. මොනාද මේ කියන්නේ ?? 🥺 ඔයාට නැතුව මම වෙන කාට ආදරේ කරන්නද.. මම විහිලුවක්නේ කලේ. "..

❤️ My Crazy Girl 😋 || Completed || JJKWhere stories live. Discover now