Chapter 34

201 45 4
                                    

Jimin pov

කුකීයි ටේටේටයි පින් සිද්ද වෙන්න අද මගේ කෙල්ල බේරුනේ.. ඒ දෙන්නා නොහිටින්න.. ආහ්.. නෑ මට හිතන්නවත් බෑ.. 🥺 මගෙ මැනික.. 😢

චාරු මගේ ගාවට ආපු වෙලේ ඉදන් මාව තදකරලා බදාගෙන. කෙල්ල තාම බයේ ඉන්නේ. 🥺❤️

මාත් චාරුව බදාගෙන එයාගේ ඔලුව අතගගා හිටියේ.. ටේකුකී නම් මොනාද කියවනවා.. මට ඒවා අහන්න තරම් සිහියක් නෑ. මම ඉන්නේ මගේ චාරුගේ සිහියෙන්.. ටේකුකී එක්ක හිටියා තව කෙල්ලො දෙන්නෙක්.. එයාලා මගේ මැනිකගේ යාලුවෝ වගේ.. මම මූනු හරියට දැක්කේ නෑ.. මොකද මම මූනු දිහා බලන්න ගියේ නෑ ...

ඒත් එකපරටම ලොකු සද්දයක් එක්ක මෙච්චර වෙලා යන්තම් එලියක් හරි ඇතුලට ආව වහලේ තිබ්බ කවුලුවේ වීදුරුව කවුද බින්දා. මම බය උන පාර මගේ මැනිකව තවත් තදට බදාගෙන කෙල්ලව කවර් කරගත්තා...

ඔව් ඒ බිදුනු ජනේලෙන් ඔලුව දැම්මේ ජියෝන්ගේ ගාඩ් කෙනෙක්.. මේ වෙද්දි ජියොන්ට නම් සිහියක් නැ. මම දන්නෑ ඒ තිරිසනට මොනාද උනේ කියල. මම දන්නේ ඌ හයියෙන් කෑගහගෙන සිහි නැතුව වැටුනා කියලා විතරයි..

අර කවුලුවෙන් එබුන ගාඩ් මොනාද කියන්න කට අරිද්දිම අපි හිටිය රුම් එකේ දොර ඇරුනා.. අපි හැමෝම ඒ සැනින් දොර දිහාවට හැරිලා බලද්දි හිටපු කට්ටිය නිසා ජනේලෙන් එබුන ගාඩ් හොදටම කලබල වෙලා එයාගේ අතේ තිබ්බ ගන් එක අපේ මගේ දිහාවට ඒම් කලා..

🐯🐰" ජිමින්... 😨 "

💜️💚 " ඔප්පා... 😨 "

මට ඇහුනා මගේ හ්‍යුන්ග්ලායි අනිත් කෙල්ලො දෙන්නයි කෑගහනවා.. ඒත් කමක් නැ.. මගේ චාරු කරදරයක් නැතුව ඉන්නකන් මට මොනවා උනත් කමක් නෑ. මම චාරුව කවර් කරගෙන තද කරලා බදාගෙන මගේ ඇස් පියාගත්තේ ඊලගට මගේ ඇගට විදවන්න වෙන ලොකු වේදනාවට ලෑස්තිපිට..

ඒත් උනේ.. මම හීනෙකින්වත් හිතපු දෙයක් නෙමේ.. ඒ වෙඩිල්ල මට වැදෙන්න ඔන්න මෙන්න වගේ තියෙද්දි චාරු මාවත් තල්ලු කරන් අහකට පනින්න ගියේ.. ඒත්...😭

💛 " ආහ්.. "

මගේ කෙල්ල එක පාරට කෙල්ල කැගැහුවා. මට තේරුනා මාව බදාගෙන හිටිය චාරුගේ අත් ටික ටික බුරුල් වෙනවා.. කෙල්ලගේ පිට හරිය එක පාරට තෙත් උනා.. උනුසුම් ඇලෙන සුලු දෙයක් කෙල්ලගේ පිට දිගේ වැක්කේරෙනවා.

❤️ My Crazy Girl 😋 || Completed || JJKWhere stories live. Discover now