Chapter 18

216 54 30
                                    

Ashi pov

මම ආශි.. ඔව් මෙච්චර කල් හැමෝම මට කතා කලේ ආශි කියලා තමා.. ඒත්.. මම ඇත්තටම ආශි නෙමේ.. ආශි කියන්නේ මගේ හොදම යාලුවා චාරු මට දාපු නම මිසක් මගේ ඇත්තම නම නෙමෙ..

හ්ම්.. ඔව් මමත් මුලදි හිතන් හිටියේ ඔයාලා මම ගැන හිතන් ඉන්න ඒවාම තමා.. ඒත්... නෑ .. මම ආශි නෙමෙ. මම සූයා.. මින් සූයා.. මින් යූංගිගේ නංගි.. ආහ්.. අනී අනී.. වැරදුනා නේ.. හී.. දැන් මින් සූයා කියන්න බෑනේ.. මම ජියෝන් සූයා.. ජියෝන් ජන්ග්ගුක් කියන හා පැටියාගේ හුරතල් වයිෆ්...

වෙලා හිටියේ මම.. මම දන්නවා කුකී ඔප්පා මට තාම ආදරෙයි. ඒත් මම කොහොමද එයාට ලං වෙන්නේ? මට ඒක කරන්න බෑ.. හරි නම් මම ඔප්පලා ගාවට නෑවිත් ඉන්නයි ඕනේ.. ඒත් මගේ කරුමෙට මට ඔප්පාලා ගාවටම එන්න උනා..

එදා ඇක්සිඩන්ට් එක නිස මගේ මතකය නැති වෙලා මෙච්චරකල් මම ඔප්පාලා ගාව හිටියේ. ඒත් දැන් එහෙම නෑ මට හැමදේම මතකයි. මට මගේ අතීතේ මට උන හැමදේම අකුරක් නෑර මතකයි.. ඔප්පාලා හිතන් ඉන්නේ මට හැමදේම මතක් උනේ නෑ කියලා. ඔව් ඉතින් මම එයාලා ඉස්සරහා හැසිරුනේ ඒමනේ..

ඒත් දැන් මම යන්න ඕනේ.. තවත් මට ඔප්පාලා එක්ක මේ ගේ අස්සේ හිරවෙලා ඉන්න බෑ. මම යන්න ඕනේ මගේ හොදම යාලුවාව මගේ චාරුව බේරගන්න. මගේ මෝචි ඔප්පාගේ ආදරේ බේරගන්න... ඒ විතරක් නෙමේ මගේ නංගි ගැන බලන්නත් ඕනේ..

ජිමින් ඔප්පලා චාරු ඉන්න තැන දන්නැති උනාට මම දන්නවා චාරු ඉන්නේ කොහෙද එයාට උනේ මොකක්ද කියන්න.. ඔව් මම ඒ හැමදේම දන්නවා. මම විතරක් නෙමේ චාරුත් දන්නවා.. තව මියාත් දන්නවා මෙතන වෙන්නේ මොකක්ද කියල..

ම්ම්.. මියා... මියා කියන්නේ?? එක්කෝ හදිස්සි වෙන්න එපා මම හිමීට කියන්නම් මියා ගැන..

දැන් මුලින්ම මම මේ ගෙදරින් පැනලා යන්න ඕනේ.. අපේ ප්ලොට් එකට ගියා නම් මට චාරුවත් බේරගෙන මේ වැඩේ ඉක්මනට ක්ලෝස් කරලා දාන්න පුල්වන්.. ඒත්.. මම කොහොමද යන්නේ?? ඔප්පලාගේ ඇස් වහලා මේ ඩෝම් එකෙන් පනින එක නම් මට මහ වැඩක් නෙමේ.. බට්.. ඩෝම් එකෙන් පිටත මාව අල්ලගන්න ඉන්න මිනිස්සුන්ට නොපෙනී මම කොහොමද යන්නේ...?

❤️ My Crazy Girl 😋 || Completed || JJKDove le storie prendono vita. Scoprilo ora