Lost

2.1K 189 13
                                    

I Meow You
1st Chapter

Beijing නගරයේ තිබූ උස ගොඩනැගිලි අතරින් 'Exchange Building' නගරය මැද තිබූ අලංකාර ගොඩනැගිල්ලයි. එය ප්‍රසංග ශාලාවක් වුවත් එහි කිසිවෙක් නොවීය. එහි roof top එකෙහි බැම්ම උඩ කොනෙන් හිටගත්  Zhan , විවිධ පාටින් ආලෝකමත් වී ඇති උස ගොඩනැගිලි, වගේම එහාට මෙහාට යන වාහන වල light දෙස බලාගෙන හිටියේ ඇස් දෙකේ කඳුළු පුරවාගෙන.

"හැමෝම වාසිය විතරයි හොයන්නෙ....මට ඇත්තටම ආදරේ කවුරුත් නෑ...මගේ කියලා කිසිම කෙනෙක් මට දැන් නැහැ....මට දැන් නැති වෙන්න කියලා කිසි දෙයක් නෑ..මම වැඩකට නැති කෙනෙක් වෙන්න ඇති ඒනිසා මම මේ ලෝකෙන් නැති වුණා කියලා දුක් වෙන්න කෙනෙක් නැති වෙයි...."
ගලාගෙන යන කඳුළු zhan දුක හා කේන්තිය මුසු හැඟීමකින් පිහ දැම්මේ මේ ලෝකයෙන් සදහටම සමු ගැනීමට තීරණයක් අරගෙනයි.

________🥺🥺🥺🥺🥺🥺🥺🥺_________

මාස 3කට පෙර,

Zhan කඩවසම් පු්ගලයෙකි. නමුත් ඔහු ඉතා දුප්පත් පවුලක එකම දරුවා ය. අවාසනාවට ඔහු කුඩා කාලයේදීම මව පියා අහිමි විය. නැන්දණිය විසින් ඔහු හදා වඩා ගත්තද ඇය රෝගී වී මිය ගියා ය. එතැන් පටන් Zhan තම උසස් අධ්‍යාපනයට අවශ්‍ය මුදල් සෙවීමට විවිධ අන්දමේ රැකියා වල නිරත විය.

ඔහුට ඔහුගේ හැකියාවන් නිසා චීනයේ ප්‍රසිද්ධ graphic designing, සහ fashion designing ආයතනයක් වූ, 'WX Creations' හි රැකියාව හිමි විය. නමුත් ඔහු ගේ නිර්මාණශීලී අදහස් ඔහුට ඉහළින් සිටි Meng wei සොරකම් කළේය.

එයට කිසි විටෙකත් ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වූයේ ඔහු මෙම ව්‍යාපාරයේ කොටස්කරුවෙකු ගේ පුතෙකු වීමයි. සියල්ල බලයෙන් ලබා ගත් ඔහු සෑම විටම Zhan ට වෙනස්කම් කලේ ඔහුගේ හැකියාවන් ට මෙන්ම කඩවසම් බවටද දැඩි ව ඉරිසියා කල නිසාවෙනි.

කෙතරම් වැඩ කලද තමන්ට හිමි වූයේ කුඩා වැටුපක් යැයි Zhan කිසි විටෙකත් දුක් වූයේ නැත. ඔහු ඉතා කඩිසර මෙන්ම අහිංසක චරිතයක් විය.

Christi, Zhan ගේ සේවා ආයතනයේම වෙනත් Department එකක වැඩ කළාය. zhan ඇය මිතුරියක් ලෙස සැලකුවද Christi, 
Zhan ට ආදරේ බව පවසා ඔහු හා සම්බන්ධතාවක් ආරම්භ කර ගත්තාය.

I Meow You 🐱Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ