The Office Fight

740 175 13
                                    

I Meow You
7th Chapter

Office එකට යාමට සූදානම් වූ Yibo, ඇඳ මත නිදා සිටි Jade ව වඩාගත්තේය.
" මන් ඔයාව අද office එක්කගෙන යනවා... යමු..." Yibo එසේ පවසා නිදි කිරමින් සිටින Jade වඩාගෙන ගොස් car එකට නැග්ගේය.

"මොකක්.... අපො....එහේ යන්න බෑ......" Zhan කෑගසන්නට විය.

"ම්ම්ම්ම්.....කෑගහන්න බෑ ඔන්න....ඔයාව බලාගන්න පුළුවන් මට තනියෙන් ගෙදර ඉන්නවාට වඩා...." Yibo, Zhan දෙස බලා තරවටු කළේය.

Zhan නිහඬව ඉදිරිපස අසුනට පැන හිඳගතේය.

"Sir......ඔයා ගොඩක් වෙනස් වෙලා...." He Nan කීවේය.
"අහ්???ඇයි එහෙම කියන්නේ? " Yibo ඇසුවේය.

"මේ පුංචි හුරතලේ ආවට පස්සේ sir වෙනදාට වඩා ටිකක් සතුටින් කියලා පේනවා...." He Nan එසේ පවසමින් Zhan ගේ හිස අතගා සිනසුණි.

"........"

Yibo ට කට කොනින් හිනාවක් නැගුන ද He Nan Jade ගේ හිස අතගෑ විට මඳ ඉරිසියවක් දැනුණි. ඒ ඇයි දැයි නොදැනුණ අතර ඔහු ඉදිරියට නැවී Jade ව ඔසවා තමා ලඟට ගත්තේය.

"අයියෝ......නිදාගන්න දෙන්නකෝ....එතන හොඳට AC එකත් එනවා....(me....ow......)" Zhan කීවද, Yibo ඔහු උකුල මත තබා සෙමින් බෙල්ල යට අත ගන්නට පටන් ගත් විට Zhan ට සනීපයක් දැනුන අතර සුව නින්දකට වැටුණේ yibo ගේ lavender perfume එකේ සුවඳ විඳිමින්.

_______😳🙄😳🙄😳🙄😳🙄😳🙄_______
WX Creations...

"අර බලන්න Mr.Yibo නේ එන්නේ??!! අනේ අර අතේ ඉන්නේ පූසෙක් නේද?? "
"අනේ ඒ පූසා cute....."
"මම හිතුවේ නෑ Mr.Yibo ට මේ වගේ පැත්තක් තියනවා කියලා..."
".....😳.....woow"

____🙄😳🙄😳🙄😳🙄😳_____
"මේ මිනිස්සු ඇයි අපි දිහා බලන්නේ??? " Zhan වටපිට බලමින් සිතුවේය.

වෙනදා Ice කඳක් මෙන් කෙලින් බලාගෙන ඇවිදගෙන යන yibo, අද Jade ව වඩාගෙන වෙනදා මෙන් ඇවිදගෙන තම කාර්යාලය වෙත ගියද, වෙනදා නොමැති ශාන්ත නිව්නූ බවක් දිස් විය.
WX creations හි web forum එකෙහි දවසේ මාතෘකාව වූයේ "Mr.Yibo with a cute cat" Yibo ගේ පිංතූර කිහිපයක් ද එහි විය.
එහි වැඩ කරන පිරිස් එහි විවිධ අදහස් දක්වා තිබුණි.

"මේ මිනිස්සු වැඩ කරන්නේ නැතුව මොනවද මේ කරන්නේ😑 මන් ගැන ඕපාදූප කියවන්නේ?!" Yibo, Jade ව මේසය මත තබා තම laptop එකෙහි Open කර තිබූ forum එක දෙස මදක් බලා සිටියේය.

I Meow You 🐱जहाँ कहानियाँ रहती हैं। अभी खोजें