All I Can do..

803 196 33
                                    

I Meow You
8th Chapter

"ඔයා කන්නේ නැත්නම් මම කන්නෙත් නෑ........මම මනුස්සයෙක් වෙලා හිටියා නම් මට help කරන්න තිබ්බා." Zhan එසේ සිතා මේසයෙන් බැස Sofa එක වෙත ගියේ එතන සිටීමෙන් පලක් නොමැති නිසාය.

දවල් කාලය පුරාම Yibo, fashion line එකක් අඳින්න try කලත් එය ව්‍යර්ථ වූයේ ඔහුට කිසිම අදහසක් නොආ නිසාය. වෙහෙස නිසාම මේසය මතම නින්දට වැටුනේය.

හවස 4 පසුවනවත් සමඟම sofa ව මත සිටි zhan නැවත මිනිස් රූපය ලැබුණ අතර ඔහු සෙමින් සෙමින් Yibo වෙත ගියේය.

"පව් අනේ ......මහන්සිය නිසාම නින්ද ගිහින්....CEO කෙනෙක් කොහොමද desinger කෙනෙක් ගේ වැඩ කරන්නේ?!" Zhan, Yibo දෙස බලා එසේ සිතා Yibo නිදි දැයි හරියටම තහවුරු කර ගෙන Yibo දෝතට ගෙන bedroom එකෙන් තබා නැවත පහලට පැමිණියේය.

"මම help කරන්නම් ඔයා මාව බලා ගන්නවට මට පුළුවන් දෙයක් තියෙන්නේ මෙච්චරයි.....හුම්ම්ම්ම්.........බලමු..........."

Zhan තමා සමඟම කතා කරන ගමන් Yibo ගේ laptop එකෙන් Fashion line එක ගැන details ටික බලා මේසය මත වූ කොළ එකින් එක මත පිළිවෙලින් ඉක්මනට Winter fashion line එක අඳින්න ගත්තේ කලකට පසු තම හැකියාවන් නැවත සිතුවම් කරමිනි.

"මට පාළුයි......"  Zhan, හෙමින් සීරුවේ උඩට ගියේ Yibo බැලීමටය.
දොර අසල සිට නිදා සිටින Yibo දෙස ආදරණීය බැල්මක් හෙලූ Zhan නැවත පහලට ගොස් desing එකින් එක අඳින්නට වූයේ කිසිම වැරදීමක් නොකර.

ඒ වනවිට completed sketch 10 ක් zhan විසින් නිමා කර තිබුණේය.

මඳ වේලාවක් ඒ දෙස බලා සිටි Zhan, එකවරම ගැස්සී ගියේ යමෙක් ඔහු ගේ පිටුපස සිට කතා කල බැවිනි.

"අම්මො......මෙන්න මෙයා මනුස්සයෙක් වෙලා......" ඒ grim reaper 81 ය.
"අයියෝ තමුසේ මාව බය කලා හොඳටම...මේ ඒක නෙවෙයි මේ දවස් වල හිටපු ගමන් මම මනුස්සයෙක් වුණා...මේ දෙවෙනි වතාව....." Zhan කීවේ පුටුවෙන් නැගිට ඒ දෙසට හැරෙන ගමන්ය.

"අහ් එහෙමද වෙලාවක් බැලුවේ නැද්ද?? එක වෙලාවකට එහෙම වෙනවද දන්නේ නෑ නේ.."  grim reaper 81 එසේ පවසමින් මේසය වෙත ඇවිද ගියේය.

"බැලුවා... ඒත් එහෙම එක වෙලාවක් තිබ්බේ නෑ....මන් කිව්වේ මේ දෙවැනි වතාව...." Zhan එසේ පවසා නැවත පුටුවේ වාඩි වී පැන්සල අතට ගත්තේය.

I Meow You 🐱Where stories live. Discover now