❄️ Snow Angel ❄️

604 184 29
                                    

I Meow You
27th Chapter

"Zhan Zhaan....bunny මට රිදෙනවා ගහන්න එපා!?!!" Yibo එසේ පවසමින් Zhan ගේ දෑත් අල්ලා ගත්තේය. Zhan ගේ දෑස් කඳුළින් පිරී ඇත. Yibo ගේ හදවත නතර වූවාක් මෙන් දැනුණි. Zhan ගේ කොපුල් මතින් කඳුළු රූරා වැටෙන අතර සීතල නිසාත්, හඬන නිසාත් Zhan ගේ කොපුල් තද රත් පැහැ වී තිබුණි.

"Bunny....අනේ ඔයා ලෙඩ වෙයි ....එන්න අපි ගෙට යමු....." Yibo Zhan ගේ දෑත් දෙකෙන් අල්ලා ලඟට ගත්තේය.

"එපා!!! ඔයා යන්න මට මොනවත් වුණාම ඔයාට මොකෝ!... ඉස්සෙල්ලා මම කොච්චර බය වුණාද කියලා ඔයා දන්නවද bo!!මම හිතුවා ......මම .....ම.... " Zhan එසේ පවසා ඉකිබිඳින්න පටන් ගත්තේය.
Yibo ගේ හදවත වේගයෙන් ගැසෙන වූ අතර Zhan ගේ කඳුළු Yibo ට හදවත පසාරු කරන පිහිපහරවල් සේ දැනුණි.

Yibo, Zhan ගේ දෑතින් ඇද, තදින් බදාගත්තේය. ඒවට Zhan තවත් හයියෙන් අඬන්නට වූ අතර Yibo තව තවත් Zhan ව තමා වෙතටම තෙරපා ගත්තේ තමන් කරපු දේ පිළිබඳව මිලියන වතාවක් පසුතැවෙමිනි.

"ශ්.......bunny අනේ අඬන්න එපා please...sorry" Yibo වේදනාවෙන් කීවේය.

"පොරොන්දු වෙන්න bo. ආයේ කවදා වත් එහෙම කරන්න එපා මට දරාගන්න බෑ..අම්මා තාත්තා නැන්දා ඔක්කොම මාව දාලා ගියා ඔයාත් මට එහෙම කරන්න එපා...ඔයා විතරයි මට ඉන්නේ....දන්නවද මම....සෑහෙන්න regret කළා ඔයා එක්ක උදේ තරහෙන් හිටපු එක ගැන sorry.." Zhan හැඬුම් අතරින් කිව්වේය.

"ආයේ එහෙම කරන්නේ නෑ..ඔයා නෙවෙයි මමයි Sorry කියන්න ඕනේ.....promise....මම ආයේ එහෙම කරන්නේ නෑ මැණික අනේ අඬන්න එපා සුදු...කෝ මම promise වුණා නේ...දැන් අඬන්න එපා ම්ම්ම්ම්..." Yibo හෙමින් හෙමින් Zhan ගේ පිටට තට්ටු කරන ගමන් කීවේය.

"කෝ.....මේ හා පැටියා ගේ මූණ....?! " Yibo කටත් උල් කරගෙන එසේ පවසා Zhan ගේ මූණ දෑත් දෙකෙන් අල්ලා ගත්තේය.
"කවුද හා පැටියා...😅" Zhan ට Yibo ගේ මූණ දැක සිනහ පහළ විය.

"ඔය තියෙන්නෙ මගේ bunny හිනාව...මහලොකුවට මටත් වඩා වැඩිමල් ඒත් අඬන්න ගත්තා ම ඉවරයක් නෑ ." Yibo එසේ පවසා Zhan ගේ කම්මුල මිරිකුවේය.

"එහෙම තමයි වයසට යද්දී පොඩි ළමයි වෙනවා කියන්නේ...." Zhan සිනහවෙමින් කීවේය.

"Bunny ඔයා රතු පාටයි මට ඉතින් දැන් control නැති වෙන්න යන්නේ ඔහොම හිනා වෙන්න එපා....." Yibo එසේ පවසා Zhan ගේ දෙතොල් මත කෙටි හාදුවක් තැබුවේය.

I Meow You 🐱Tahanan ng mga kuwento. Tumuklas ngayon