Who is Bunny! 🙄

753 208 49
                                    

I Meow You
21st Chapter

කට කොනින් හිනා වූ Mr.Wang, Yibo වෙත දවා අවුලවන බැල්මක් හෙළුවේය.

"එහාට වෙයන්!!" Mr. Wang එසේ පවසා Yibo ව තල්ලු කලේය. Zhan තම දෑස් තදින් පියා ගත්තේ Wang මහතා ගේ අතක් එසවෙනු දුටු නිසා වෙනි.

" මගේ අලුත් මුණුබුරා බලාගන්න ඕනේ ඇයි මේ ඇස් පියාගෙන, මූව දැකලා එපා වෙලා හිටියේ.." එසේ පවසා Zhan ව ගෙන තදින් බදාගත්තෙය.

මේ අවස්ථාව Yibo ට අදහා ගන්නට නොහැකිව දෑස් අයාගෙන කටත් ඇරගෙන බලා සිටි අතර Zhan, Mr.wang ගේ තුරුලේ සිට සෙමින් සෙමින් දෑස් විවර කලේය.

"බලන්න කොච්චර හුරුබුහුටි කොල්ලෙක් ද කියලා" Zhan ව තම තුරුළෙන් ඉවතට ගෙන Yibo දෙසට හරවා කීවේය.

Zhan මඳ සිනහවක් පා Yibo දෙස බැලුවේය.

"හෝව් හෝව්....... මට කියන්න සීයා මේ සම්බන්දෙට කැමති නේද ඒ කියන්නේ??? එහෙම නේද?? Sure??" Yibo සීයා වෙත පැමිණ ඇසුවේය.

"අකමැති කිව්වොත් ඔයා මොකද කරන්නේ???" Mr.wang ඇසුවේය.

"සීයේ!!!!!!" Yibo කැගැසුවේ ය.

Mr.Wang ගේ සිනහ හඬ මුළු නිවාස පුරාම පැතිරී ගියේය.

Yibo ලස්සන හිනාවකින් මුව සරසා ගෙන දිව ගොස් සීයා ගේ ගෙල බදාගෙන
" Thank You සීයා..." යැයි කියූ විට Mr.Wang ගේ දෙනෙතේ කඳුළු පිරුණේ නිතැතිනි.

අවුරුදු ගණනකට පෙර Yibo කුඩා අවදියේ දුටු සිනහව නැවත දැකීමට Mr.Wang නිරතුරු පැතුවේය.Yibo මෙතරම් සතුටින් සිටිනු දැක නොතිබූ Mr.Wang ට Yibo ගේ මුහුණේ මේ ලස්සන හිනාව නැවත ගෙන තරුණයා පිළිබඳ ඉමහත් සතුටක් දැනුණි.
.
.
.
"ඉතින්......Zhan පුතා....මේ ice වගේ කොල්ලා එක්ක ඔයා කොහොමද ඉන්නේ???? " Mr.wang ඇසුවේය.

"අහ්...Mr.Wang.....එයා...." zhan පිළිතුරු දෙන්නට සැරසෙනවාත් සමඟම,

"Mr.Wang!!!! මගේ මුණුබුරා මට කියන්න ඕනේ සීයා කියලා..." Mr. Wang කීවේය.

"සීයේ..... yibo ice වලට වඩා fire කිව්වොත් පිළිගන්නවාද." zhan කීවේය.

"What?😂😂😂😂😂😂😂" Mr.wang මහා හයියෙන් හිනා වී, Zhan ගේ පිටට තට්ටු කර වැරැද්දක් කරපු ළමයෙක් වගේ කොනක වාඩි වෙලා ඉන්න Yibo හොරැහින් Zhan දෙස බැලුවේය.

I Meow You 🐱Donde viven las historias. Descúbrelo ahora