Given Change + Punishment

683 178 46
                                    

I Meow You
35th Chapter

💞flash back - yibo in japan💞

"Woow.... ඒ හීනේ මොකද්ද?!! මගේ bunny නිකන් peach මලක් වගේ... ලස්සන කුමාරයෙක් ලු...මම රජතුමෙක් ද...ශා... මරු හීනේ ගියාම මගේ මැණිකට කියන්න ඕනේ..." Yibo උදේම නැගිට hotel room එකේ ඇඳ මත වැතිර සිතුවේය.
....
"Mr.Wang... අපේ අලුත් shopping mall එකක් open කළා මේ ළඟ මම කැමති ඔයත් යන්න එනවා නම්... අපිට පුලුවන් හෙට උදේ යන්න ඔයාට අනිද්දා හවස flight එකේ යන්න පුළුවන් නේ " Mr.Saske කිව්වේය.

"ම්ම්ම්...අද යමු... මම හෙට හවස යන්න ඉන්නේ.. මට මගේ boyfriend ට gift එකක් ගන්න පුළුවන් දැන් ගියොත්.... ." Yibo එසේ පැවසූ විට Mr.Saske පුදුම වූ නමුත් සිනහ වී ඊට එකඟ විය.

"මම හිතුවා ඔයා තව දවස් දෙකක් මෙහේ ඉඳිවි කියලා... " Mr.Saske shopping mall එකට ඇතුළු වන විට කීවේය.

"මමත් එහෙම තමයි හිතාගෙන හිටියේ ඒත් පාළුයි.... එයා තනියෙන් company එකේ වැඩ අදිනවා මට කතා කරන්නවත් වෙලාවක් නෑ ඉතින් ඉක්මනට යන්න ඕනේ.." yibo කිව්වේය.

"මටත් ආසයි මේ හැමෝම කියන Cold hearted wang yibo ගේ ice බිඳපු කෙනා බලන්න..." Mr.Saske සිනහ වෙමින් කීවේ මින් පෙර yibo ගේ සීයා පැමිණි විට Yibo ගැන කියා තිබුණ බැවින්, ඔහු වැඩි කතාවක් නැති සීතල ගති ඇති බව සීයා යන යන තැන කියා තිබුණේය.

වට පිට බලමින් ඇවිද යන Yibo එක් කඩයක් අසල නැවතුණේය.

එහි තිබූ අවානක් හැඩැති මාලයක් තිබූ අතර වළාකුළු අතරින් පියඹන රත් පැහැයෙන් යුත් ෆීනික්ස් කුරුල්ලෙක් කැටයම් කර තිබූ අතර එය අතට ගත් yibo දුටුවේ එය අවානක් ලෙස හැකිලීමට ද හැකියාව ඇති බවයි. කුඩා නමුත් සියුම් ලෙස කැටයම් කර තිබූ නිසාත් එය දුටු විට පෙර දින රාත්‍රියේ දුටු සිහිනය මතක් වූ නිසාත් ඔහු එය මිලට ගත්තේය.

 කුඩා නමුත් සියුම් ලෙස කැටයම් කර තිබූ නිසාත් එය දුටු විට පෙර දින රාත්‍රියේ දුටු සිහිනය මතක් වූ නිසාත් ඔහු එය මිලට ගත්තේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
I Meow You 🐱Where stories live. Discover now