Hey Don't Cry

807 217 37
                                    

I Meow You
14th Chapter

"නෑ.....එයාට 32යි......" Yibo එසේ පවසා Zhan දෙස බැලුවේය.

Zhan පුදුමයන් yibo දෙස බැලුවේය. Yibo Zhan ගේ දෑස් මඟ හැර වීදුරු කටු ටික රැගෙන ගියේය.

"අහ් එහෙමද එහෙනම් Zhan gg කියන්නම් කමක් නෑ නේද Zhan gg..." A-yong සිනහ වී ඇසුවාය.

"අහ් ඔව් කමක් නෑ....." Zhan පියවි සිහියට පැමිණ A-yong ට කීවේය.

"Yibo.... ඔයා මොනවද කන්නේ???මම order එක දාන්න...."A-yong ඇසුවාය.

"මට ඕනේ දෙයක්....Zhan ගෙන් අහන්න ආස මොනවටද කියලා එයා කන්න ඕනේ කියන දෙයක් මටත් එක්ක දාන්න.. " Yibo A-yong ට පැවසුවේය.

මඳ වේලාවක් Yibo දෙස බලා සිටි A-yong, Zhan ගෙන් මොනවද ඕනෙ යැයි ඇසුවාය.

"අහ්..... ....hot pot? ඔයාලා කැමති ද??  " Zhan පැවසුවේය.

"අහ් ඔව් ඒවා හොඳයි... මමත් ආසයි ." Yibo කීවේය.
"මම Chiken soup 3ක් දාන්නම් මට අද එද්දී ඒවා මතක් වුණා..." A-yong එසේ පවසා Order එක ලබා දුන්නේ ය.

පැය භාගයකින් පමණ කෑම ඔක්කොම ගෙන්නවා ගත් තිදෙනාම මේසය මත සියල්ල පිළිවෙලින් තබා ආහාර ගන්නට විය.

Zhan ඉතාමත් ආසාවෙන් කෑම කන අයුරු බලා Yibo, chopsticks දෙක කටේ දාගෙන බලා සිටියේය. ඔහුට දැන් කෑම ඕනෙත් නැත, ඇස් දෙකෙන් ඔහු සම්පූර්ණයෙන්ම Zhan රසවිඳින්නට විය.

A-yong ද කෑම පසෙක තබා මේ අපූරු නාට්‍ය රස විඳින්නට වූවාය

Йой! Нажаль, це зображення не відповідає нашим правилам. Щоб продовжити публікацію, будь ласка, видаліть його або завантажте інше.

A-yong ද කෑම පසෙක තබා මේ අපූරු නාට්‍ය රස විඳින්නට වූවාය.
Zhan ගේ තොල් අගින් බේරෙන sauce ඔහුට  පිහදා ගැනීමට මතකයක් නැත, කලකට පසු මනුස්සයෙක් ලෙස පිටින් ගෙන්වූ ආහාරයක් භුක්ති විඳින්නේ මාස එකහමාරකට පසුය. එකවරම Yibo Zhan ගේ තොල් දෙක ඇඟිල්ලකින් පිස දමා napkin එක ගෙන අත පිහදා ගත්තේය.

"අවුරුදු 6 ක් වැඩිමල් වුනාට පොඩි එකෙක් වගේ නේ කන්නේ??!! " Yibo තම කෑම පිඟාන දෙස බලා ගෙන පැවසුවේ තවමත් A-yong එහි සිටින බව සිහිවීමෙන් පසු ය.
(Aish....මම මෝඩයෙක් වගේ A-yong ඉන්න තැන මොකද්ද ඒ කලේ.... මට මාවම control නැති වුණා..shit වස නෝන්ඩිය.....)
Yibo එහෙම හිතමින් පිඟානටම මූණ පාත් කර කන්නට පටන් ගත්තේය. Yibo කරපු දේ නිසා කන එක නතර කරලා බලාගෙන හිටපු Zhan කහින්නට පටන් ගත්තේ Yibo කියූ දේ ඇසුණු නිසාය.

I Meow You 🐱Where stories live. Discover now