Given Chance

668 169 16
                                    


I Meow You
3rd Chapter

Yibo එසේ පවසා Zhan අතගාමින් හුරතල් කරමින් නින්දට ගියේය.

ඒත් එක්කම, grim reaper 81 මතු විය.
Zhan Yibo ගේ අත් අතරෙන් හිමීට ඇත් වී ඇඳ පාමුලට ගොස් හිඳ ගත්තේය.

"එයා මම හිටපු තරම් නරක නෑ නේ.....මම හිතුවා ඔයාව පාරේ කොනකට දාලා යයි කියලා එයාගෙ Aura එක ඒ වෙලාවෙ සෑහෙන්න dark වෙලා තිබ්බේ....ඒත් දැන් ඒක හරිම ලස්සන gold පාටක් තියෙන්නේ.... අහ්....මිනිස්සු හරිම අමුතුයි..." grim reaper 81 කීවේය.

"මට මුල ඉඳන් කියනවා .....මට මොකද්ද මේ වුණේ?! මොනවද වෙන්නේ මට දිගටම මෙහෙම ඉන්න වෙනවද? ඇයි මටම මෙහෙම වුණේ?!"  Zhan විමසීය.

"හරි ඔයා මැරෙන්න හිටපු කෙනෙක් නෙවෙයි....666 ඒ කියන්නේ අපේ boss ඇවිල්ලා ඔයාට ඉතින් chance එකක් දුන්නා....ඔයාට විතරක් නෙවෙයි මටත්... මට පොඩ්ඩක් වැඩේ වැරදුනා....ඒනිසා ඔයා ඔහොම ඉන්න ඔයාගේ destiny එක තමයි මේක...අහ්...මමත් තවම දන්නේ නෑ ඔයා කොයි වෙලේ ආයේ කවදා මනුස්සයෙක් වෙයි ද කියලා ඒ නිසා පරිස්සම් වෙන්න....."
එසේ පවසා එතනින්  grim reaper 81 ගිය පසු Zhan කල්පනා ලොවක තනි විය.

"අහ්.....මගේ ඔලුව රිදෙන්න ගත්තා.....මගේ destiny එක මගේ boss ගේ නෑ නෑ ex boss ගේ ගෙදර පූසෙක් වගේ ජීවත් වෙන්න ද???!!" කල්පනා ලොව සැරි සරන Zhan ගැස්සී ගියේ Yibo ගේ දුරකථනය නාද වෙන හඬට ය.

නිදීමතෙන් bed table එක උඩ තිබූ දුරකථනය අතට ගත් Yibo ගේ මුහුණ අඳුරු විය. ඔහු එය answer කර නිහඬව සිටියේය.

"Hello.....Mr.Yibo.... ඔයා තවම අදහසක් නැද්ද ඉන්න තැනින් අයින් වෙන්න...ඔයා හිතන් ඉන්නේ ඔයා invincible කියලද ..... අපි බලමු එහෙනම්.....ඉස්සරහට මොකද වෙන්නේ කියලා.."

"හැංගි හැංගි ඉන්නේ නැතුව ඉස්සරහට ඇවිල්ලා කතා කරනවා!!! තමුසේ හිතුවද මම තමුසෙට බයේ ඉන්නේ කියලා මම මගේ place එක අත අරින්නේ නැහැ!!!!" Yibo එසේ පවසා දුරකථනය විසන්ධි කර ඇඳෙන් බැස්සේය.

කාමරය පුරා කේන්තියෙන් එහා මෙහා ඇවිද්ද Yibo දුරකථනය පොළවේ ගැසුවේය.

Zhan ට Yibo ගේ දුරකථනයෙන් ඇති වූ සංවාදය හොදින් ඇසුනේය. එය ඇසීමෙන් පුදුමයට පත් වූවත් Yibo දුරකථනය පොළවේ ගැසීමෙන් බියට පත් වී Zhan ද නොදැනුවත්වම Yibo ගේ ඇඳ යටට රින්ගුවේය.

I Meow You 🐱Where stories live. Discover now