Drunk in Darkness

550 181 31
                                    

I Meow You
31st Chapter

"WANG YIBO!!!!!!!!!!" එකවරම cabin එකේ දොර විවර කරගෙන පැමිණි Mr.Wang Yibo ට කැගැසුවෙ මුළු hall එකම දෙදරා යන තරම් හඬකිනි.

Yibo පුදුමයන් බලා සිටිය ද Zhan ගේ coller එක අත්හැරියේ නැත. Zhan දෑස් පියාගෙන සිටි අතර කඳුළු ඔහුගේ කොපුල් හරහා ගලා ගෙන ගියේය.

"අතාරිනවා Zhan ව....!!! දැන්ම!!!! " Mr.Wang Yibo ට අණ දුන්නේය.  Yibo තම ග්‍රහණය ලිහිල් කල ද Zhan දෙස ගිනි පිටවන දෑසින් බලා සිටියේය.

"Zhan....පුතා මෙහේ එන්න!! " Mr. Wang කරුණාවන්ත ලෙස Zhan ඇමතුවේය. Zhan Yibo අසලම සිටියේ ඔහුට ඉදිරියට යාමට තරම් ශක්තියක් නොවූ නිසා.

"Yibo අතඅරින්න නේද කිව්වේ!!! " Mr.wang නැවත පැවසුවද Yibo, Mr. Wang දෙස බලා
"සීයේ!!! ඔයා මෙච්චර දෙයක් වෙලත් මෙයාට යන්න දෙන්න කියලද කියන්නේ??? අහ්??? අහිංසක විදිහට ඉඳන් අපි ඔක්කෝම රැවැට්ටුවා!!! මාව!!! මේ වගේ එකෙක්ට ආදරේ කරපු මට බොරු කරා මගේ ඇස් දෙකට පේන්න... " Yibo ට පැවසීමට හැකි වූයේ එපමණකි. Yibo ගේ කොපුල් හරහා වේගවත් පහරක් එල්ල විය.
Zhan දෑස් හැර බැලුවේ yibo ගේ ග්‍රහණයෙන් මිදුණු බව දැනුන නිසාත්, ඇසුන ශබ්දය නිසාත්ය.
කඳුළු පිරි දෙනෙතින් Mr.Wang දෙස බැලුවේය.

"සී..යේ........." Yibo ගැහෙන හඩින් කීවේය.
කුඩා අවදියේ සිට Yibo ට Mr. Wang දඬුවම් නොකලේය. වැරද්දක් දුටු විට එයට බැන වැදුනද ඔහු කිසිදිනක Yibo ට අතින් පයින් දඬුවම් නොකලේය.

"Zhan!!! එන්න යන්න මාත් එක්ක..... He Nan ඇතුලට එනවා!!! " Mr.wang කැගැසුවේය.
ඒත් සමඟම He Nan ඇතුලට පැමිණි අතර,
"Zhan ව එක්කගෙන යන්න!! " zhan ගේ කර වටේට අතක් දමා Zhan වත්තම් කරගත් He nan සමග cabin එකෙන් එලියට පැමිණියේය. "you young man....!!! be mindful!!! " Mr.Wang ද එසේ පවසා එතැනින් පිටත්ව Zhan හා He Nan වෙත ගියේය.

Yibo තම දුරකථනය දෙස බලා අසල තිබූ ceramic පිළිමය  වේගයෙන් පොළවේ ගැසුවේය.
😡😡😡😡😡
Mr.Wang පැමිණීමත් සමග Zhan ගේ cabin එකේ දොරෙන් එලියට පැනගත් Meng Wei කිසිත් නොවූ ලෙස ගොස් තම cabin එක තුලට පිවිස ඇමතුමක් ලබා ගත්තේය.

"වැඩේ හරි.... පත්තු වෙලා තියෙන්නේ...." ඇමැතුමේ සිටි පුද්ගලයාට Meng Wei පැවසුවේය.

💥💥💥

Zhan, elevator එකට ඇතුල් වූ පසු එහි බිත්තියට වාරු වී සිටි අතර කිසිවෙක් කිසිවක් පැවසුවේ නැත. Car park එකට වෙනකම් elevator එකෙන් ගියේ Office entrance එක ළග වාර්තාකරුවන් විශාල ප්‍රමාණයක් රැස්ව සිටි බැවිනි.

I Meow You 🐱Where stories live. Discover now