_ මුව පොව්වාට _

663 94 8
                                    

මිගාර මැරුන තැන , මමත් අඩපු තැනක්.. මේ කවිය දැක්කට පස්සේ හිර කරගෙන ඉදපු ඔක්කොම කදුළු ටික වැටුනා...

by -  AlyssaStanz

නමුත් රෑ මැදියම
තවමත් ඔබේ නමටම
උණු කදුළු ගලයි දෑසින....

සැබෑවක් වූවා නම් ඔබ
යැයි සිතුණා විටක...
එසේ වූවා නම් ඔබ
වෙනවද මගේ මළයණ්ඩිය...

හිස්කේ බැද හිස මුදුනට
වැඩිහිටියෙකු විලස
ඔබ සිටින'යුරු දකින්නට
තිබුණා මටත් අහිංසක පැතුමක්....

නොවැගිරුවත් කදුළු ගංගා..
ඇදුම් කයි මා ළය..
තවමත් සහෝදර ප්‍රේමෙන..

දැන සිටිමුත් හැරයන වග
නොසිතුවෙමි කිකලකවත්
වෙතැයි මෙලෙස....

හැකි වුණා නම් එදා
ඒ අතරට පැන
රැකගන්නවා නොවේද ඔබව

තියුණු සැතකින්
පසා කර මා හද
සමුගත්තා නොවෙ ද ඔබ
එසේනම්....
නමුදු තවමත්
නොහැක සමුදෙන්නට
එහෙත් සමුදිය යුතුමයි...
ලෝ නියදම එයයි...

පවසන්න බැරි හෙයින්
ඉදින් ආයුබෝවන් කියා
ඉකියක් නැගේ මට
සමුගන්නම් ඉදින්
පතමින් ඔබ හට
සදා සැනසීම

තවමත්
මහද පතුලේ.
ඔය මුව පොව්වාට
සොයුරු පෙම ඇත මගේ...

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now