පාළුවට ගිය ගල් තලා අප දෙදෙන සොයනවා
නිදිබර වු සඳ කුමරි ඔබ කොහෙද අහනවා
මුදු සුමුදු ඕලු මල් ඔබෙ පහස ගෙනෙනවා
මිධුනාථ ඔබ කොහෙද මම ඔබව සොයනවාපිපී ඇති රතු නෙළුම් පවන සමගින් හමනවා
ඇට්ටේරිය මලින් මට ඔබෙ සුවඳ දැනෙනවා
ඇඹුල් දොඩමේ රසින් ඔබෙ සෙනෙහෙ දැනෙනවා
මිධුනාථ ඔබ කොහෙද මම ඔබව සොයනවාහමන මඳ පවනේ මම ඔබේ තතු අහනවා
සඳ කුමරි සමඟ මම ඔබේ හිත කියනවා
නා මලින් වැසි උයනෙ මට පාළු දැනෙනවා
මිධුනාථ ඔබ කොහෙද මම ඔබව සොයනවා.. Annabeth_Jayaweera❣️
YOU ARE READING
_ ඇඹුල් දොඩම්_
Randomඔව්.. අග්නි වෙනුවෙන් මගේ අතට ලැබුන හැම නිර්මාණයක්ම... මේකේ දාන්න කියලා බැලුවේ..