_ වසර 7 පෙර මහීධ බේරුන විදිය_

219 64 23
                                    

* ගොඩක් අයට තිබුන ප්‍රශ්නයක් තමා , සුග්‍රීව මහීධගේ මළසිරුර දැකලාත් මහීධ බේරුන විදිය... ඇත්තටම මහීධ බේරෙන්නේ භාසුරයි, ධීරයි නිසා. සුලෝධජගේ සැලසුම වුනේ කලින් මහීධව පැහැරගෙන මිධුනාථ ලවා සක්වල චක්‍රය ඇරගන්න එක.. ඒත් පස්සේ වාගිෂ්ඨ මුනි කිව්වේ සක්වල චක්‍රය ගැන නෙවේ මිධුනාථ ගැන කියලා එයාට තේරෙනවා... මෙහෙමයි.. සුලෝධජ ගොඩක් පසුතැවීමෙන්නේ ඉදියේ එයාගෙන් පස්සේ රාජ්‍යයට උරුමකරුවෙක්වත් නැති නිසා..

* ඒත් නාථ කියන්නේ මිධුනාථට කියලායි එයා වාගිෂ්ඨ මුනිගේ මුණුපුරා කියලායි දැනගත්තට පස්සේ ඊළගට රාජ්‍යයි උරුමය මිධුනාථට යන්න පුළුවන් කියලා තේරෙනවා. මොකක් උනත් අන්තිම දවස්වල අග්නි අසපුවෙන් හෙළවෙන්නේ නැහැ වැරදිලාවත් මිධුනාථ ආවොත් කියලා.. ඒක නිසා ධීරට, භාසුට කියන්න වෙන්නෑ මහීධ පැහැර ගන්න එපා කියලා..

අග්නි සීහශාලි එක්ක පැනලා ගිහින් තීර්ථයට එන්නේ වියරුවෙන් වගේනේ... මහීධ ඔය දවස්වල හොදටම ලෙඩ වෙලා.. භාසු,ධීර වෙනමම ප්ලෑන් එකකට නේ වැඩ.. සුලෝධජට චක්‍රය අරින්න ඕන නැති වුනත් ඒ දෙන්නට ඒක ඕනනේ.. ඒක නිසා මහීධව පැහැර ගන්නවා.. මිධුනාථ ලවා චක්‍රය ඇරගන්න..

* එ් වුනාට මිධුනාථ අතුරුදහන්.. ඒක නිසා ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් තමා වෛශව අසපුව ගිනි තියන්නේ.. මේක ලොකුවට දැනුනේ නැති වුනාට ගොඩක් භයානකයි.. ගොඩක් අයව කුටි ඇතුළටම දාලා ලොක් කරලා ගිනි තිබ්බා..

ම්‍යාන මුනිව මරන්නේත් භාසුර.. එතකොට ගොඩක් පොඩි අයත් මේ ගින්නට මැරෙනවා.. සුග්‍රීව , ථිත දෙන්නා ඒ වෙනකොට අසපුවේ නිසා එයාලා ගොඩක් අයව බේරනවා.. ඒත් ලේසි වෙන්නෑ,. සුග්‍රීව , ථිත දෙන්නම පවා ගින්නට අහුවෙනවා... සුග්‍රීවගේ වම් අතේ බාහුවම භයානක විදියට පිළිසුස්ම් තුවාල තියෙනවා.. ඒක අවුරුදු 7කට පස්සේ දැකලත් මිධුනාථ බය වෙනවා.. ඒ තරම් දරුණු විදියට.. එතකොට සුග්‍රීවව බේරගන්න ගිහින් ථිතගේ කන ගාව ඉදන් බෙල්ල වෙනකම්  එන විදියට පිළිස්සුම් තුවාල කැළැල් තියෙනෙවා..

ඉතින් නොපෙණුනාට ඒ ගින්න නිසා ගොඩක් අයට පීඩාවට පත් වුනා. ඇත්තටම ගොඩක් අය මැරුනා.. නිකන් හිතන්කෝ ඇසළ අංගනයෙන් බේරුනේම දෙන්නයි.තුන්දෙනයි... කාන්තාවෝ කියන එක අදාළ කළේම නෑ.. ඛාදීට කරපු දේ ආපස්සට කළා සුලෝධජ ඇත්තටම වියරුවෙන් ඉදියේ..වෙන එකක් තියා එයා බලාගෙනත් ඉදියා අසපුව පිච්චෙන විදිය...

කොහොමහරි.. ටිකින් ටික සන්සුන් වෙද්දි තමා එයාට මතක් වුනේ මහීධව.. ඒත් වැඩක් නෑ,. එයා මහීධව බේරගන්න කියලා යන්න හැදුවත් භාසු ධීර එයාව නවත්තනවා..
සුලෝධජ ඇත්තටම ගොඩක් වැටෙනවා එතනින්.. එකක් එයාට මින් පස්සේ මිධුනාථව හම්බුනත් එයාට මූණ දෙන්න විදියක් නෑ මහීධව මරපු නිසා.. මිධුනාථ නොපෙන්නුවාට මහීධට ගොඩක් ආදරෙයි කියලා දන්නවානේ..
පස්සේ මහීධ ලෙඩ වෙලා සිහිසුන් වෙලා ඉන්නේ.. කොහොමත්.. පස්සේ සුලෝධජ ධීරගෙන් දැනගන්නවා මහීධ ඉන්නවා කියලා..

Fact - මහීධ දැනගෙන ඉදියා ඛාදී දේවිය ගැබිනියි කියලා.. එයා කිව්වේ එයා පාළුවෙන් එදිය නිසා එයාට නංගි බබෙක් ඕන කියලා.. ඇත්තටම ඛාදී හිතුවේ පුතෙක්.. එයාට මිගාර කියලා නම තියන්න.. භීෂ දෙකටම කැමති වුනා.. සීහශාලී නමේ ශාලී කියන කෑල්ල තියන්නෙත් මහීධ... එතකොට ඛාදී දේවිය ස්ථාලයේ දැවෙනකොට මහීධ දැනගෙන ඉදියේ නෑ සීහශාලී එතකොට අග්නි ගාව කියලා.. එයා හිතාගෙන ඉදියේ අග්නි , ඛාදී සීහශාලීව කුසේ ඉදිද්දම ගින්නට අහුවුනා කියලා.. මහීධ අවසිහියෙන් වගේ ඉදියේ..

පස්සේ අග්නිව දැක්කම එයා ටිකක් සන්සුන් වෙනවා.. මොනවා වුනත් මහීධට අවුරුදු 10යිනේ.. පොඩි එකා එයා. අග්නි වියරුවෙන් ඉදියාට මුලින්ම ඒක නැති වෙන්නේ මහීධ ගොඩක් අමාරුවෙන් ඉන්නවා දැක්කම.. සුලෝධජ එක්ක  තරහයි මහීධ මුල් කාලේ.. එයා කැමතිවත් නෑ සුලෝධජ එක්ක කතා කරන්න.. මොකද ඛාදී දේවියව බේරගන්න බැරි වුනා කියලා... ඛාදී දේවිය මහීධගේ අම්මා වගේනේ.. වගේ නෙවේ අම්මානේ... පස්සේ තමා මහීධ දැනගන්නේ අග්නි සීහශාලිව බේරගෙන කියලා.. ඒත් එහෙම කියලා සුලෝධජගේ රෞද්‍ර ගතිය මහීධට අඩුවෙන්නෑ,.

කොහොම වුනත් මහීධට යන්තම් අසිපත් සටන් පුළුවන්.. ඒකත් සුලෝධජ පුරුදු කරනවා මාළිගාව ඇතුලේ තියාගෙනම.. මේ කාලේත් එයා මිධුනාථව හොයනවා.. ඒත් වැඩක් නෑ මිධූනාථ හැකරැල්ලො ඒක්ක පාටි දදා රට වටේ ඇවිදිනවානේ.. හුම්හ්.

ඇත්තටම මහීධ ලොකු වෙද්දී මිධුනාථගේම ෆොටෝකොපි එකක් වගේ ... එක තැනක කතාවේ.. සීහශාලී මිධුනාථට කියන්න යනවා

ඔයා හරියට මුග්ධ මහීධ වගේ කියලා.. වැඩක් නෑ සුලෝධජ මැදදි කඩාගෙන පනිනවානේ.. ඒ සීන් එක කලින් අහුවුන අය ඉන්නවා ද  ?

කුවල්‍ය අසපුවේ ඉන්න නිසාම මහීධයා හරිම කලාකාමී සෞම්‍ය චරිතයක්.. කොල්ලා ලස්සන නිසා කාන්තා ආකර්ෂණයේ අඩුවක් නෑ,. මොනවා උනත් මෙයා අග්නිගේන් හොද හොද ඒවා පුරුදු වෙලා තිබ්බා.. එයා සල්ලාල නැහැ.. [ ඉපදෙන්න කලින් ඉදලාම වෙන කෙනෙක්ට හදවත පුදලා ඉවරලුනේ.. හිකිස් ]

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now