- තමුන් මහ හිස රදයක් -

332 83 8
                                    

මිලාධික වුව ද කිසිත් කම් නැත
අැට්ටේරියා සුවද පමණක්ම ගන්නම්..
ගව් ගණනක් දුර ගල් විදින්නට
නුඹ කැටපෝලය තබාගන්නම්..
කටු අැනුනාට කිසිත් කම් නැත
සැමදා ඇඹුල් දොඩම් සොයන්නම්
උවමනානම් නුඹ දෙතොල් වෙනුවෙන්
දෙළුම් යුෂ වුව අතහරින්නම්..

තමුන් මහ හිසරදයක්...
මිදිය නොහැකි හිස රදයක්...

පාළුව ගිය ගල්තලාවල
කණා මැදිරි එළි සොයායන්නම්...
තාලයට වැනෙන ඉපල් පදුරුවල..
නුඹේ දෑසෙහි මත්ව ඉන්නම්...
වල ගැසෙන කොපුලේ කිමිදී සැමදා..
ඕලු මලින් හා සලඹ ගොතන්නම්...
කෝපයෙන් නුඹ වෙතට ගුගුරා.
හැකරැලි මිතුරන් සොයායන්නම්..

තමුන් මහ හිස අඥානයෙක්..
නුවන පහළ නොවන අඥානයෙක්..

#මිධුනාථ

* ඒකත් මමම තමා කෙටුවේ..
Ledge_D

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now