මා ඔබේ ස්ලෝ-ධජ

313 76 11
                                    

ඇවැසි නැති බව පැවසුවත් නැවත
නුබ මට දකින්න
නොදනී ද මා අග්නි බව කෝපයෙන්
ගිනිසිළු පරයන
මියෙන්නට පෙර එක් වරක් ඔබේ ඔය
රුව දකින්න
ඉකි ගසන හද ගැස්ම නෑසෙයි ද
මිදුනාථ ඔබ හට

ඕලු මල් පා සලඹ නුබ එදා මට
පැළදුව
කියා පෑවේ සදාකාලික උරුමයත්
බව මතක ද
ඇවැසි බව පැවසු විට වල ගැසෙන
මගේ කම්මුල
නුබේ නමට මං පවර දුන්නේ
මෙලෙස හැරදා යන්න ද ?

වදන් පැටලෙමින් බැන වදින තුරු
නුබට නන් දොඩවන
ඇඹුල් දොඩමක් ලබා දෙන තුරු
දෑස් දල්වා බලමින
නුඹ වටා ගැවසෙනා නුඹගේම
හිසරදය
හැර ගියේ ඇයි කියනව ද කෘෘර
මිදිගෙඩිය නුබ

ඇට්ටේරියා සුගන්ධය ඔබ ළගින්
හමා එන
නැතිව මම අසරණයි දන්නවා ද
මිධුනාථ
කුඩා කල මතකයන් හිමි වුණා මට නැවත
කමාකර පැමිණෙන්න නාථ මා
ඔබේ ස්ලෝධජ..

kushi_1_4 ❤️❤️

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now