සුබ ජන්ම දිනයක් මහීධ

110 27 8
                                    

අප්‍රේල් පහ.. මහීධගේ ජන්මදිනය..

මහීධ .. කතාවේ කොටසක ඉන්න කොටසක නැති ඇත්තටම වෙනස් වුනු චරිතයක්...

♕ - උපතේදීම මෑණියන් උන කිතා දේවිය මිය යනවා.. තාත්තාගේ ආදරයක් නැතුවම හිතුවක්කාර සොයුරා මිධුනාථ පවා ඒ අතදරුවාව ප්‍රතික්ෂේප කරනවා..

♕- උපත ලබන්නේ අවසාන සූර්යය වංශිකයා විදියට.. වාසනාවකට ඛාදී දේවියගේ රැකවරණය යටතට පත් වෙනවා.. ඒ ආදරේ එක්ක වැඩෙනවා..

♕ - තමාගේ වැඩිමහල් සොයුරා , අසපුවේ දක්ෂතම සිසුවෙක් උන එක ගැන එයා ඔළුව උදුම්මගන්න තරම් සොයුරාට ආදරේ කරනවා.. මිධුනාථ කොච්චර නපුරු උනොත් මහීධගේ ආදරේ කිසිම වෙනසක් වෙන්නේ නෑ..

♕ - අවුරුදු 5 දී 6 දී හේෂරාභ , විනුධ වගේ අනිත් මුනි දරුවන් දක්ෂ විදියට ශිල්ප පුහුණු කරද්දි  මහීධ ගොඩක්ම දුර්වල කෙනෙක් වෙනවා..

♕ - එයා මැරේවි කියලා මිධුනාථ හිතක් පපුවක් නැතුව මූණටම කියනවා.. එහෙම වෙලාවට එයා තනියම මෑණියන්ගේ සොහොන ගාවට වෙලා හද දිහා අඩනවා , එයාව ගන්න අය්යණ්ඩි හරිම නපුරුයි කියලා..

♕ - මිධුනාථ මහීධව පුහුණු කරන්න ගන්නේ , එයාගේ මල්ලිව ජීවත් කරවලා තියාගන්න ඕන නිසා උනාට , එයා මහීධට ගොඩක් පහර දෙනවා.. හැමදාම අය්යණ්ඩිගේ කසයෙන් පහර කාලා මහීධ ඇවිදගන්න බැරි තරම් දුර්වල වෙලයි අසපුවට එන්නේ...

♕ - ඒ කොච්චර ගහලත් , අය්යණ්ඩිට ආදරේ වැඩිවෙනවා මිසක් අඩුවෙන්නේම නෑ.. එයාගේ ජිවීතේ එකම වීරයා මිධුනාථ.. ඒ වෙනුවෙන් කස පාර නෙවේ වෙන ඕන දෙයක් කැප කරනවා..

♕- පොඩි එකා තනිකර මිධුනාථව අනුකරණය කරනවා.. අය්යණ්ඩි කනකං කන්නෙත් නැහැ.. හැම විදියකින්ම අය්යණ්ඩි විදියටම හැසිරෙන්න බලනවා , ඒත් එයා දක්ෂ නැති එක කොල්ලාට ඇත්තටම ගොඩක් බලපෑවා..

♕ - මිගාරගේ මරණය , බලපෑව එක්කෙනෙක් උනා නම් ඒ මහීධ... මිගාර මහීධට ගොඩක් ආදරේ උනා ... ඉස්සර මිධුනාථ ගහන්න එනකොට මහීධ හැංගෙන්න පුරුදු වෙලා ඉදියේ මිගාර ගාව.. 

♕- අග්නිව අදුරගන්නේ අශ්ශීල දාසයා විදියට.. එයාගේ අය්යණ්ඩි හංගෙන ඉදපු හිනාව හොරකං කරපු අශ්ශිල දාසයා.. කෑගහගෙන අග්නි එක්ක පැටලෙන්න ගියාට ටිකෙන් ටික එයා අග්නිට ළං වෙනවා.. මිධුනාථ ගැහුවාම සුලෝධජ ගිහින් මහීධගේ කසපාරවලට බෙහෙත් දැම්මා.. කොච්චර බැන බැන උනත් මහීධ පළවෙනි පාරට පිට කෙනෙක්ට ළං උනා අය්යණ්ඩි තරම්ම..

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now