බොලද පෙම්වත

287 72 15
                                    


සැර වැර නපුරු වදන්
පිට වෙන්නැති සිත රිදවන්
සෙනෙහස නිසාම පමණක්
වූ හෙයින් රිසි නොවෙද සමාවක්...

උරණ නොවන්න මා හා
ප්‍රේම කර නැත කිසිදා
" නුඹ නම් මහා හිසරදයක් "
මගේ ප්‍රේමය පවසන සැටි වූවා...
නමුත් නුඹ මට නැතුවම බැරි
එක් "හිසරදයක්"වූවා...

ලෝකය ඉදිරියේ මෘගයකුව,
මරා දැමුවා නොවෙද දහසක්...
නමුත් එක් ගෙවුන සැනෙකින්,
මා උණුසුමේ හැඩුවා නොවද මොහොතක්...

නොදත්තෙමි සැනසීමට නුඹ ,
ඇඹුල් දොඩමක් ගෙනවිත්,
සරසා නළල හාදුවකින්,
කොපුල සිපගන්නම්...

කනාමැදිරින් සාක්ෂි දැරූ ,
රැහැයියන් ගීතිකා ගැයූ,
අපේ කුඩා විවාහයේ,
ඕලු මල එක් පාසලඹක්ව,
නුඹ මට අයිති කර දුන් සැටි මතකද...

නිසල රාත්‍රීන්වල ,
රාග ගිනි ඇවුලුණු සිතැතිව,
නුඹ මගේ කර ගත්තේ ,
රිදවීමට නොව, සැනසීමට පමණයි....

උමතුවෙන් මෙන් දොඩවමින් "ප්‍රලාප"
කෝප ගිනි අවුලා මා හද
නොමග යැව් මාගේ සිත ,
නුඹට පෙම් බැදි මා "බොලද පෙම්වත "

# සැවෝම දන්නා බොළද පෙම්වතා මිධු..

by - Angel-chimochi8

තැන්ක් යූ නංගියෝ....❣️❣️❣️❣️

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now