ගිනි සිලට

362 85 20
                                    

භීෂ...

දකින විට
ඔහු මුවග මදහස
පෙනෙන විට මා
අභිබවන වග
උපන් ඒ
ඊර්ෂ්‍යා පවිටු සිත
නිසාවෙන් මා
බිද දැමූවෙමි
ඔහුගෙ තුටු සිත්

නමුත්
ඒ වසත් සමයේ
ඈ මුණගැසුණු විට
ඇසල මල් වියනක් යට
සිත වෙලීලා ආලයෙන්
යට ගොස් නැතිවීය
අදුරු, නපුරු සිතිවිලි
මතුවුණා මුදු සිතුම්
සැගවී තිබූ
මසිත තුළ

අහෝ
දෛවයේ සරදම්
දුන්නේ සත් මසක් පමණය
සොදුර කමාකරනු මැන
අන් සතු වුවද මටද
හිමි වූ
යන්නට වේ
ලෝධජය හා මධුර වූ විශිෂ්ඨයා
වෙනුවෙන්
නොබලාම අපගේ
තෙදවත් සිංහ පැටික්කිය
දෙසදෙස

දනිමි ඔබමා සමග එන බව
නොයෙක් අවමන් මැද
සීතාව සේ
අස් හලේ චිතකයේ
දැවි දැවි

අහෝ ගිනි සිල
අසනු මැන
අප වෙනුවෙන්
අපේ සිහදෙන
රකිනු මැන.

#භීෂ

WookSeong

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now