තනියම යන්නම්..

182 43 2
                                    

සැම වෙත බෙදනා සඳ රැස් මුදු ගුණ
දෑසේ පැටලී නිවී යනෙන සඳ
මග හැර ඈතට යන්නද මා,
සිතට එරෙහි වුව
ලොවට අවැසි ලෙස
නුඹේ දිවිය නුඹටම පවරා...

දිවයුරු සැඩ ගිම් දාහය මා ළඟ
සහස් වරෙක සුපුරුදු බැල්මන් මැද
වියතක් දුරකින් නුපුරුදු සිතකින් ,
හැඟුම් නොදන්නා
නුඹෙ සිත තනිකර
මමත් නොදන්නා සේ ඉන්නම්...

සිතම පෙලන තැවුලක් වී නම් මා
නොරිදා රිදවන බන්ධන කුමටද
සිඳ බිඳ ලන්නට අවසර භව බැමි,
සිත රවටා
සෝ දුක් සඟවා
නුඹෙන් මිදී තනියම යන්නම්...

#ථිත

Min_Kisha

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now