පැටලුණු දෑත් ,
වෙනිවැල් මත දිව්රා ,
එක්ව යමු කී ගමන ,
මා දමා තනිව ගිය
මුග්ධයා වෙත ,
අකීකරු සිතින්
ලියන්නෙමි .
පවසන්න මට..
නුඹ ඇසෙන මානයක ද ?රිටිගල වනයේ නුඹ
පෑ ආලකම් , හා සිනහව
රවටා ගත්තා නොවේ ද
මේ මුග්ධ සිත රහසේම .දැනගෙනයි මා පෙම් කළේ නුඹ ,
සියුමැලි කුමරුන් නොවන වග
අප නමට ලියු කොහොඹ ගස්වල
කටුක රස පෙර නොදැනුණේ කිම ?නොදැන සිටිවග සිතා සිටිය ද නුඹ
ලොවට සැගවුණු එකී දෙ' මුවත
සැගවිය නොහැකි විය නුඹට ම 'වෙතින් ,
අසුර අසිපත නුඹ දැරූ වග
එලෙස වූ මුත් නොදන්නියක ලෙස
නුඹට තව බැදි වග කියන්න ද ? ?මරාදැමුව ද අහිංසකයන්
නැත කිසිදිනෙක මට කළේ අඩුවක්
වටහාගත නොහැකි තවමත්
චක්‍ර සක්වල , කුණ්ඩලේණිය
නුඹේ සිත තුළ මා පැරදුවේ කෙසේදැයි .නොපෙනේ ද භාසු ඔබේ දෙනෙතට
පුතු ධනුර් ඇත මග බලාගෙන
නිසල රැයෙහි ඔහු පියණු ඇයැදි විට
සූකිරි අල්ලසට දීමෙන් ,
කෙතෙක් කල් ඔහු නළවා ගන්න ද ?දැන සිටිය ද නුඹ නැවෙත නොඑන වග
වදනකින් හෝ සමු නොදුන් වග
නුඹට පෙම් කළ අකීකරු සිත
මග බලයි නුඹ දෙනෙත දැකුමට ......
.
.
.
.
.
.* කව් ද කියලා ගෙස් කරමු ද ?
ඔව් , ස්වප්නාදී තමා..
YOU ARE READING
_ ඇඹුල් දොඩම්_
Randomඔව්.. අග්නි වෙනුවෙන් මගේ අතට ලැබුන හැම නිර්මාණයක්ම... මේකේ දාන්න කියලා බැලුවේ..