_ කුරුම්බැට්ටි ක්‍රීඩා භාණ්ඩ _

510 86 9
                                    

රජත මිණිබරණ
නැත ග්‍රීවය වට සරසා...
කරගැට රළු දෑත්
රෙදිපිළි හා දග කෙරුවා .
විටක නුඹේ දළඹු රැල ,
විසිකර දමන්නට සිතුවා...

සප්තකන්‍යාවේ සිට
ඒ අඥන දළඹුවා...
කෙදිනක හෝ සමනලයෙකු ලෙස
පියඹා එන තුරු
පෙරමග බලා සිටින දෑසට
මදකුදු වෙහෙස නොවන බව
ඒ අඥාන දළඹුවාට
ටොකුවක් ඇන සිහිපත් කර දී
මට තිබුණා නම්..
නුඹ පැමිණෙන තුරු
කුරුම්බැට්ටි ක්‍රීඩා භාණ්ඩයෙන්
නුඹේ වස්ත්‍ර මසා තබන්නම්...

පවසාගත හැකි වූවා නම්
හදේ උපන් ප්‍රේමය...
අහෝ ! දෛවය ,
නුඹ මෙතරම් නපුරු වූයේ කිම ?

Ledge_D

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now