සුබ ජන්ම දිනයක් භාසුර

136 39 4
                                    

දිවියේ අප සැමදත් පතනුයේ...
සැබෑ මිතුරෙක් සහ සැබෑ ආදරයකි...
නමුදු අප මිත්‍රත්වය සොයනා තැන ,
ආදරය සොයනා තැන...
දිනෙක වැරදිය හැකියි...
ඉන් අපගේ දිවියට හානියක්ද විය හැකියි...
ඉදින් ඔබේ දිවියෙන් අපහට...
නැවත නැවතත් සපත කරදුන්නා...
සැබෑ මිතුරන් සෙවීම අපහසුම බව...
තුතියි භාසු අයියණ්ඩි ,
අනර්ඝ පාඩම්ක් කියා දුන්නාට ,
අප හට....
සුභ ජන්ම දිනක් අසුර අසිපත් දරන්නනි.....!
                                  ~ ඇඹුල් දොඩම් ~

දැන සිටියත් ඔබයි
අසුර අසිපත් දරන්නා බව...
නොදනී කාරණයන්
ඔබ කෙරේම මසිත ආලයෙන් බැඳීමට...
හැර යන බව දැන සිටියා නම්
කෙසේ හෝ ගලවාගමි උවදුරින්...
සුභ ජන්ම දිනක් ස්වාමීනි.........!
                                ~ ස්වප්නාදි ~

කුඩා කල එකටමයි අප ශිල්ප දැරුවේ...
භාසු අයියණ්ඩි , භාසු අයියණ්ඩි...
අසපුව දැවෙද්දී නැත මා ඔබ දුටුවේ...
පැතුවා ඔබ දිවි ගලවා ගෙන ඇතැයි කියා...
නැවත හමුවන විට කඩවසම් වී ඇතැයි හැඟුණා...
සොයුරෙක් ලෙසින් හිඳ තනි මැකුවා මාගේ...
නමුත් දැන උන්නේ නැහැ  එවන් ආලය...
ව්‍යාඝ්‍රකයෙකුගේ යැයි...
තවමත් විශ්වාස කළ නොහැකියි...
ඔබ මා රැවටූ බවක්...
නමුදු තවදුරටත් නොවේ මා විශ්වාස කරනුයේ කිසිවෙකුත්...
ස්තුතියි ජීවිත ආදර්ශ ලබා දුන්නාට මා හට...
සුභ ජන්ම දිනක් භාසුර අයියණ්ඩි.......!
                                        ~ සුලෝධජ ~

TaeDilki

එහෙනම් කොව්වා හැපි බර්ත්ඩේ භාසුර.. එක දුෂ්ටයෙක් නෙවේ, පාඩමක් කියාදුන් කෙනෙක්....

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now