අඥානයාගෙන් මිද්දාට
ඇහැල කුසුම් මැද
පිපුණු තඹර පුෂ්පයකි
නුඹ.....දහසකුත් දෑසිහ බැල්ම මැද
වැඩුණු ගිනි පුපුරකි
මා.....දකින සද නුඹ
අන් අයෙකු සමගින
රිදුම් දුන්නේ මා ළය
අහේතුකවම ද ?හේතුවක් සොයනට
මා ළය තුලටම
හැගුම් සයුරේ පත්ලටම
කිමිදුණු වග
නොදනී ද නුඹ ?නොවැටහුණත් පළමුව
කිමදැයි කියා
කලක් ගතවත්ම වැටහී ගියා..
උදාසන පිණි ඉසී
පිබිදෙන ඇසල කුසුමක් වන්
නැවුම් හැගුමක්
මා හද ඉපිද ඇති වග ..වැටහෙන කල සැම අවසන
නොසිටිය ද නුඹ නෙත් මානෙයේ..
ඒ මා කෙරේ වූ
ආලෙන්ම වග දනිමි..කිසිත් නොකියාම සිත දරාගෙන
සිටියේ කිම ද නුඹ
සිතුවා ද මට නොවැටහෙතියි කියා
වූවාට මා නුඹේ අඥානයා..බලා සිටියෙමි සත් වසක්
සිටින්නෙමි බලා තවමත්
පැමිණෙන තුරා නුඹ
ඉදින් පැමිණෙන්න
ගෙවෙන මේ වසරේවත්...තහනම් කළේ ඇට්ටේරියා සුවද
නුඹ කෙරේ අමනාපව නොව
මා සතු සියල්ල
නුඹට දුන් එදින
නැවත සිහියට නැගී
මහද පාරන බැවින..සිටිය ද මා අඥාන ස්ලෝ-ධ්ජව
අනවැසි ද පියෙකු ශාලී හට
එනු මැන නැවත අප වෙත
ප්‍රේමණීය කුටුම්භය සදනටඅනුනට වුව ද කුරිරු රජ සුලෝධජ
ශාලීට මා අඥාන ස්ලෝ-ධ්ජ වූ ලෙසම
වෙමි මා නුඹේ අඥානයා තවම...නැවත පැමිණ මවෙත
යවා නුඹ දෑත මා වටා
ගන්න මා නුඹ උණුසුම් ළය මැදට ...නුඹේ උණුසුම් දෙතොලින්
තවා මා නළලත
සනසන්න රිදුම් දෙන ළය..තීර්ථ මැදුරු කවුළුවෙන් එපිටට
නෙත් යොමා සිටින්නෙමි
නුඹේ රුව දකින්නටඒ අහිංසක පැතුම පුරනට
අප දෙදෙනා වෙතට
පැමිණෙනවා නොවේ ද
මිද්දෝ
YOU ARE READING
_ ඇඹුල් දොඩම්_
Randomඔව්.. අග්නි වෙනුවෙන් මගේ අතට ලැබුන හැම නිර්මාණයක්ම... මේකේ දාන්න කියලා බැලුවේ..