භාසුර - Character Intro-

262 71 55
                                    

භාසුර / අසුර අසිපත දරන්නා -

වයස - 28 [ තරගාවලිය පැවැත්වෙන විට]

වංශය - [ නොදනී ]

කුලය - දුගී කුලය

පියාණන් -  සුමේධ [ ඇත් ගොව්වෙක් ]

මෑණියන් - [ නොදනී ]

* මෑණියන් හා පියාණන් දෙදෙනාම , තීර්ථය මාළිගය තුල දාසයන් විය . පියා ඇත් ගොව්වෙකු වූ අතර භාසුර 8 හැවිරිදි වියේ පටන් මාළිගයේ ඇත් සලෙහි , අශූචි පිරිසිදු කරන්නෙකු ලෙස සේවයෙහි නිරත විය .

* ධාරනාග රජු මතට ලොල් වීමත් වෛශ්‍යාවන් ඇසුරු කිරීමත් හා තීර්ථය තුළ ආරක්ෂාව බිද වැටීමත් නිසා සුලෝධජ වූ නිර්මලා කුමරිය [ සුලෝධජගේ මෑණියන් ]  අනුර්ධ අසපුව වෙත පලා එද්දී , අතවැසි ලෙස භාසුර ද රැගෙන එනවා.. ඉතින් සුලෝධජයි භාසුරයි ඉක්මනින් මිතුරු වෙනවා..

* නිර්මලා කුමරිය එන්නේ සිය ඉතිරිව සිටින එකම ඥාති සහෝදරයා වුණු [ මෑණියන්ගේ වැඩිමහල් සොහොයුරාගේ පුත්‍රයා නැතිනම් මස්සිනා ] වූ  වාගිෂ්ඨ මුනි සමීපයට ය .

* වාගිෂ්ඨ මුනි විවාහව , දියණියක් සිටි අතර ඇයගේ නාමය '' අනුකිතා ''  විය '' . වාගිෂ්ඨ මුනි තුමන්ගේ භාර්යාව වූ අාලක්ඛනා දේවිය ජීවතුන් අතර නොවී ය.

භාසුරගේ අධ්‍යාපනය -

ප්‍රාථමික අධ්‍යාපනය - [ නැත ]

ද්විතීයික අධ්‍යාපනය - භාසුරගේ කැපවීම ගැන පැහැදුණු වාගිෂ්ඨ මුනි එයාට , තමන් දන්නා ශිල්පයන්ගෙන් දෙකක් උගන්වන්න තීරණය කරනවා..

* වාගිෂ්ඨ මුනි කියන්නේ අසපු තුනක ශිල්ප 3ක්ම හදාරපු එකම කෙනා..

* දීඝ අසපුවේ වෙදකම
* ගිරි අසපුවේ සටන් ශිල්පය
* වෛශව අසපුවේ මානසික ශක්තින්..

ඉතින්.. මේ අතරින් වාගිෂ්ඨ මුනි භාසුරට උගන්වන්නේ වෙදකමයි , සටන් ශිල්පයයි පමණයි.. විශ්ව ශක්තිය උගන්වන්නේ නැහැ... ඒ වගේම ඒ වන අනුර්ධ අසපුවේ ඉදපු ධීර , සුලෝධජ දෙදෙනාට උගන්වන්නේ සටන් ශිල්පය හා මානසික ශක්තීන් පමණයි..

* වාගිෂ්ඨ මුනි දැනගෙන ඉදියා මේ ශිල්ප තුනම කෙනෙක් ඉගෙන ගත්තොත් ඒ කෙනා බලයෙන් උදම් වෙන්න පුළුවන් කියලා.. කොච්චර රාජකුමාරයා උනත් සුලෝධජට පවා එයා ඉගැන්වූවේ තෝරාගත් ශිල්ප දෙකයි.. අනිත් දෙන්නටම වඩා සංයමයක් හා දක්ෂතාවයක් තිබුන නිසයි එයා භාසුරට විශ්ව ශක්තිය වෙනුවට වෙදකම උගන්වන්නේ..

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now