-*_**_*_*-

153 38 14
                                    

අග්නි කියෙව්වම දැනෙන්නෙ මෙහෙම

පුවතකි සුසරු මිණි රැඳි භරණින් බැඳුන
නිම් නැති ගුණැති සිහිනෙක මදහස දරණ
නොදැනම විටෙක ශෝකය හදවත පිරුණ
කඳුළැලිවලින් හද මල මත පිනි රැඳුණ

මත් වුණ රස නහර ගිනි නියඹලාවට
රැස්කොට සිතළු විස නැති නියඟලාවට
දළඹුවෙකුත් අරන් රැල්ලට කලාවට
නම්කළ වගයි ඌ ගල් සියඹලාවට

ඇහැළ බිනර ඇට්ටේරියා යන කුසුමන්
නැතිමුත් ළග පුසුඹයි ඒ පුෂ්ප විමන්
ඇඹුලැති දොඩම් රත් පැහැ රස පිරි දෙළුමන්
දුටු විට මුවට නම් කිසි විට නොවේ ගිමන්

උත්පල හරිත රජත ධවල වර්ණයක
මගෙම හිත බැඳෙන රඟ හීනියට දැක
නොනිමෙන දිලෙන මන පිනවන කලාවක
ඇවිදින්නට හිතයි ගිනිගත් තලාවක

නෙක රූ මැවූ සොඳුරුම චරිතයන් මඟ
හිත ගියෙ වැඩිපුරම පොඩි පැටියෙකුට මිග
තිරයි සක් සුදක් සේ මගෙ හිතේ අග
සුලෝනාථ මිධුග්නි නොමැකෙනා වග

LeeEunjoo0 මල් රැජින කියපු ටික ඒ විදියටම....

මුලින්ම සොරි නංගි මේක දාන්න පරක්කු උනාට.. ඒක ගොඩක් ලස්සනයි. ඒ වගේම ඔයාගේ හැකියාවත්.. මට ගොඩක් වටිනවා

ඒ වගේම , අනේ අග්නිවල කවි msg බෝඩ් එකේ පෝස්ට් කරපු අය ගාව ඒවා තියේ නම් මට inbox දාන්නකෝ ප්ලීස්. මැසේජ් බෝඩ් එක ඔටෝ රිමූ වෙනවානේ ඉම්හි.. කුනුපුරවලා නිසා හොයාගන්නත් නෑ..

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now