අග්නි

165 34 5
                                    

වැරහැලිද හැද ඉසකෙ අවුලී
අරෝහ පරිණහ සිරුර සැගවී
සලල විය දෙඩු වදන් ඇසැබී
දාසයෙකි නම් දැරූ අග්නි...

අසපු වෛශව ඉසුරු පුරෙහි
ද්වාරයෙහි විය බිසව දාසී
නිබද නද දෙන සකුණ සේ වී
නමින් ඈ මිගරගේ තාලී

වෘද්ධ මුණි හට නමින් භාරී
නැණැති මුදු සොමි ඛාදී දේවි
භීෂ ගගනට තුසරකර වී
මහීධ හට විය දෙවන මෑණි

කිපෙන ගුගුරන උඩගු යැයි කී
කටුක රුදු වේදනා සැගවී
ළයතුරෙහි විය හදක් සෙල් වී
නාථ දත් මිධු වදන් නොවුණි..

බිනර කුසුමකි උයනේ නොම වූ
ඉසුරු පුරයේ තරිදු බදු වූ
රුහිරු නොබැදුන මුත් සොයුරු වූ
අනග වන බඹරෙකුට ලියැවූ

ළදරු කළ හිද කෙළිදෙලින් වූ
දෙමිතුරන් විය හස්ත බදු වූ
සැගව හුන් ගිනි පුපුරු ඇවිලූ
ධීර බාසුරු පස මිතුරු වූ

යතුර සක්වල නිරස බැව් කී
දුටු දිනම කරගත් ද පරිවී
ස්වීය උදහස මදක් නොතැකී
අනල දැක සෙල හුණුව සෙයකි...

වළ ගැසෙන කොපුල මත හිමිකමක් පැවසුමට
බොළද වූ පෙම්වතෙකි වහ්නි මැද සුව සොයන
රැවුම් ගිගුරුම් තුරෙහි ස්නේහ බස් සගවමින
කිමද නුඹ හිසරදය සොයනුයේ සැනසුමට ?

ගල් තලා නදී දිය ඇට්ටේරියා සුවද
සිහි කරයි නුඹ සෙනෙහ අඥානයෙකු වෙතට
අනල ගිනි නිවා දැමූ මුවග මන්දස්මිතිය
ඉනාවක් වූ හැඩයි රද සුලෝධජයන්ට

සත්වසක් කෙලෙස නුඹ හිදියා ද නිදි නැතිව ?
කැට පොළය හිනෙහි හිද නැතිද දොස් නැගුවේම ?
දකින විට ඒ මධුර ඇඹුල් දොඩම ද නැවත
නුඹ දෙළුම් සොරාගත් හිරු කුසුම හමුවුණි ද ?

Day_Dreame_r

කතාවම අරන් කවියකට.. ඒක මාරම ලස්සනයි අක්කේ........


P.S _ තව එවපු කවි තියේ අප්පා ගොඩාාක්.. ඒ ටික ටයිප් කරලායි දාන්න වෙන්නේ.. ටිකක් කල් දෙන්න.... කවි තියේ නම් තවත් චිත්‍ර තියේ නම් එවන්න.. කවදාවත් වැඩි වෙන්නෑ.... ඒක නිසා එවන්න.... ස්තූතියි..

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now