සදුන්, වීර වෘක්ෂයන් අතර ,
ඇසළ බිනර මල් පෙති පතර ,
තවත් එක් ශිලා ගලක්ව ,
ඇයගේ තුරුණු විය ගෙවා දැමූ
ඈ.....නොමැකී ගිය මුව මදහස තහනම් ...
මුවින් නොමේරු වදන් ද ඇකැප නම්...
සිසිල් සුළං රැලි විදින්න පින අහිමි නම්..
ලදේ , නුඹ තුරුණු වියෙන් ඇති පල කිම් ?ඉදහිටක සිනාසුණා ඇය රහසින්..
ඇයට ද සිතක් තිබුනා මිණිමුතු මල් මෙන්..
ඇවැසි වුවත් දුව පනින්ට කෑගසමින්...
ගෙල පලදනාව බැද දැමුවා ඈ යදමින්...සිනහාව අහිමි වූවද ඈ සිටියා නොසැලී..
අකීකරු කදුළු සිරකර මෘදු දෙනෙතේ..
දාරක සෙනේ ඇත තවමත් හද පතුළේ ..
දවා අළු කළේ ඇයි ඈ ස්තල ඇතුළේ ?මිහිරි හඩින් නැළවිලි ගී නොනික්මුණි ...
දෙතන එරුන කිරි රුධිරය දවාලිණි...
කිරි කවඩිත් මුතු පබළුත් සිහින වුණි...
අවමන් මැද ගිනිදැල් ඈ වසාගතී,.# ඛාදී....
YOU ARE READING
_ ඇඹුල් දොඩම්_
Randomඔව්.. අග්නි වෙනුවෙන් මගේ අතට ලැබුන හැම නිර්මාණයක්ම... මේකේ දාන්න කියලා බැලුවේ..