_අග්නි _

243 62 32
                                    

හිදින් අවසරයි ....
පටන් ගැනුමට ....
මා හදෙහි ....
උපන් හැගුමන් ....
වදන් ලෙස හැරලීමට ....
කියවා ඇත බොහෝ පුස්තකයන් ....
නමුදු නැත මෙවැනි පුස්තකයක් ....
හමු වී ඇත නානාප්‍රකාර චරිතයන් ....
නමුදු නැත මෙහි සිටි ලෙස චරිතයන් ....


මෙය දිග හැරෙනුයේ රත්නද්වීපයේ ....
සශ්‍රීක මුත් අරාජික සමයක ....
සිදු වූ කතාංගයක් ලෙසිනි ....
විටෙක සුන්දර වූත් , කෙළිලොල් වූත් ....
තවත් විටෙක රුධිරයෙන් පෙගී ගිය .... ආදරය , සෙනෙහස , වෛරය , මිතුදම , විශ්වාස කඩ කිරීම් , අසම්මත වූ ආදරයන් .... තුළින් හැඩ වූ සිද්ධිදාමයන් ....
මනාවට වදන් වලට පෙරලා ....
නොඅගවා හදවතට ලැගුම් ගන්නා විලස .... නිර්මාණය වූ පුස්තකයකි " අග්නි " ....

එකල සිටි රත්නද්වීපයේ වැසියන් .... රද්කොළ , මුනි , සාමාන්‍ය ....
ලෙසින් පැවතියාලු ....
ස්ථර ත්‍රිත්වයකට සමාජය ....
ස්ථාරනය වී ....
ගිරි , දීඝ , වෛශ්‍ය , මධුර , කුවල්‍ය ලෙසින් .... පැවතියාලු පංච අසපූන් ....
අහස උසට වගකීම් තිබුණත් ....
අශ්ශීල වදන් හසුරවමින් ....
සගවාගන්නෙලු එය කෙළිදලින් .... නොපැහැදිලි මුත් සංකීර්ණ ලෙසින් .... අරමුණක් රැගත් තරුණයෙක් ....
වටා ගෙතුනු කතාංගයකි " අග්නි " ....


අශ්ශීල වදන් පවසමින් ....
වේදනාව සගවාගත්තා සැමගෙන් ....
නමුදු මහමෙරක් තරම් ආලය කලා අයෙකුට ....
මුලු ලොවම දවාලූ වත් ....
උනුහුම හෙව්වා තම ආදරයෙන් .... ප්‍රියතමයන් අහිමි වෙද්දී ....
දරාගත්තා එය රෞද්‍ර විලසින් ....
ඔහුයි අග්නි ලෙසින් දිවි ගෙවූ .... රත්නද්වීපයේ පාලකයා ,

~ සුලෝධජ ~

.
.
.
.
.
.
.

.හැගීම් සගවා ගනිමින් ....
මග හමුවෙන ඕනෑම අයෙකුට ....
රළු ප්‍රතිචාර ලබාදුනි කෝපයෙන් ....
නමුත් අයෙකු ලගදි කුඩා දරුවෙකු විලසින් .... ජීවත් වූවා ආදරය විදිමින් ....
ආදරය කළද , නොදනී ආදර වදන් පැවසීමට ....
ආදරය කලා ප්‍රියතමයන්ට පණටත් වඩා ....
නමුදු නැත එය පැවසුවේ හඪ නගා ....
සක්වලෙහි යතුර ලෙසින් නම් දැරූ ඔහුයි ....
අශ්ශීලයාගෙ පෙම ,

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now