INTRO - 1

1.7K 196 38
                                    

අදුරු හස්තය නැවත නැගීසිටීවි
විශ්වයේ ඇමතුමට ලයිලැක් පුෂ්පයේ ආත්ම
පිළිතුරුදිය යුතුය
ශ්වේත මකර සළකුණේ සත්‍යය
දෛවයේදී පැහැදිලි වේ
අසම්මත ආත්ම සියල්ලම
දෛවය සොයා යා යුතුය
භූමියෙන් භූමියට භාෂාව වෙනස් වේ
යෂ්ටිය සැකසීමට සත්දෙනාගේ සිතියම
නැවත පිළියෙළ විය යුතුය
ලයිලැක් පුෂ්පයේ ආලෝකයෙන්
යහපත ජයග්‍රහණයට නම්
සත්දෙනාගේ රන්හුය සම්පූර්ණ විය යුතුය
කැපකිරීම් මතින් වේදනාව උරුම වුවත්
ආදරයේ තෝරාගැනීමෙන්
මනුෂ්‍යත්වය නැගීසිටීවි
විශ්වයේ අවසානය තීන්දු වුවත්
අවසානය ආරම්භයම වේවි

-
-
-
-
-
-
-
-
-
-
-
-
-

මෙය කියවීමට නම් ඔබට
සත් ආත්මයන්ගේ ආශිර්වාදය තිබිය යුතුය
එමෙන්ම ආමියානා ආත්මයේ ආශිර්වාදය ලැබීමට සුදුසු
පවිත්‍ර හදවතක් ඔබට තිබිය යුතුය
මෙය කියවිය හැක්කේ එක් අයෙකුට
එක් වරක් පමණි.
පවිත්‍ර කදුළේ බලයෙන්
ඔබට අතීතය නැවත දැකිය හැකිය
ඔබ මෙය කියවනවානම් එක දිගට කියවන්න.
මන්දයත් අවසානයේ මෙය ගිනිගෙන දැවෙනු ඇත.
අතීතයේ සිදුවූ, නැවතත් සිදුවීමට නියමිත
මේ ඔවුන්ගේ කතාවයි.
-


-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-

ග්‍රීක රෝම දෙපාර්ශවයේ එකතුවක්
ස්වභාව දහමට විරුද්ධ ආදරයේ උපතක්
අග්නියෙන් සංකලනය වූ වෘකයෙක්
දහවල සැරිසරනා ලෝහිත කුමරෙක්
අදුරෙන් උපන් පිරිසිදු ආත්මයක්
අපවිත්‍ර සුරදූතයෙක්
විරුද්ධ පෞරුෂයන් දෙකක එකතුවක්
එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් ආත්ම සතක්
ඔවුන්ගේ දෛවයේ රන්හුය
කෙසේ ලියවේවිද?

Deja Vu

𝑫é𝒋à 𝑽𝒖 [ BTS X FANTASY  ] || ✔Where stories live. Discover now