Chapter 20

447 125 57
                                    

                                     ටේ හොබීගෙ අත් දෙකෙන් අල්ලගෙන ඇස් වහගෙන මතුරන්න පටන්  ගත්තා. ටික වෙලාවක් යනකම් කිසි ම දෙයක් සිදු වුණේ නැතත් එක පාරටම ටේව දිලිසෙන්න පටන් ගත්තා.  ඇස් අන්ධ කරන තරම් ආලෝකයක් එක වරම විහිදෙන්න පටන් ගද්දී හොබී ඇස් දෙකවහ ගත්තා.

" ඇස් ඇරලා බලන්න හියොන්ග් " ටේ කියද්දී හොබී ඇස් ඇරියා. ඔවුන් ඉදිරිපිට මැවී තිබුණේ රනින් නිම කළ විශාල දොරටුවක්. ඒක තට්ටු දහයක ගොඩනැගිල්ලක් තරම් උසකින් යුතු වුණා.

" දෙවියනේ මේකෙ ලස්සන. හරියට ස්වර්ගයේ දොරටුව වගේ.  සුරදූත දිවයිනට ස්වර්ගය කියලා කියන්නේ නිකම් නෙවේ වගේ. "

" ඒක ස්වර්ගයක් තමා හියොන්ග්. ඒත් ඒක ඇතුඒ සිද්ධ වෙන දේවල් ස්වර්ගයේ වගේ නෙවේ." ටේ අසරණව කියද්දියි හොබී ඔහු දෙස බැලුවේ. ඔහුගෙ රූපය දුටු හොබී බය වුණු සැරේට පිටිපස්සට පැන්නා.

" මො- මොකද මේ? ටේ ඇයි මේ? " ඔහු නැවතත් සුරදූත ස්වරූපයට පැමිණ තිබුණා. නමුත් ඔහු තව දුරටත් පිරිසිදු සුදුපාට වුණේ නෑ. ඔහුගේ විශාල සිනිදු පියාපත් කාල වර්ණයට හැරී තිබුණා. ඔහුගෙ ඔහුගේ හිසේ තිබූ කිරුළ පවා කාල වර්ණ වී තිබුණා.ඔහුගෙන් විහිදුණේ කාල වර්ණ රැස් මාලාවක්. එය කෙසේවෙතත් ඔහු සතුව තිබූ පිරිසිදු ආත්මයේ ඡායාව තාමත් ඔහුගෙන් හැර නොගොස් තිබුණා. ඔහුව දිස්වුණේ අන්ධකාර කුමාරයෙක් විලසටයි.

" කාලය අවසන් වෙනවා හියොන්ග් මම දැන් යන්න ළඟයි" ටේ කීවේ අහිංසක ව හිනාවෙන ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" කාලය අවසන් වෙනවා හියොන්ග් මම දැන් යන්න ළඟයි" ටේ කීවේ අහිංසක ව හිනාවෙන ගමන්. ඔහුගේ මුහුණේ තමන් ගැනම ලොකු අනුකම්පාවක් ගැබ්ව තිබුණා.

" ඔයාට බෑ එහෙම කරන්න. ඔයාව අපිට ඕනි ටේ. ඔයා නැතුව මේක සම්පූර්ණ වෙන්නෙ නෑ. " හොබී කීවේ ඇස් වලට කඳුළු එකතු වෙද්දී

𝑫é𝒋à 𝑽𝒖 [ BTS X FANTASY  ] || ✔Where stories live. Discover now