Chapter 2 - Persona

669 152 88
                                    

සූර්ය ආලෝකයේ පහස විදිමින් සිටි හෝසෙක් කෑගහගෙනම කෙලින් වෙලා ඉද ගත්තේ බෙල්ල පිටිපස්සේ පිච්චෙනවා වගේ දැණුනු නිසා.

" උත්තමාවියනි , ඔබේ ආශීර්වාදය මගෙන් ගිලිහෙන හැඩයි. " හෝසෙක් වේදනාවෙන් පවසද්දී ඔහු ඉස්සරහ පෙනී සිටියේ රන්වන් ටයිටන්වරියක්. ආලෝකයට අධිපත් වූ ඇය ටයිටන් ලේටෝ ය.

" නැත හෝසෙක්, සමය එළැඹ ඇත. ඔබ විල කරා යා යුතුය "

" මෙතරම් ඉක්මනින් ? මම එය පිහිටා තිබෙන තැනවත් නොදනිමි. "

" එකම විකල්පයයි ඇත්තේ. අග්නි වෘකයාව සොයා ගන්න. ඔබ දෙදෙනාගේම මාර්ගය සමානයි "

" මම කෙසේද ඔහුව සොයා ගන්නේ? අනෙක් කරුණ නම් වෘක වැම්පයර් එදිරිවාදිකම සියවස් ගණනාවක් තරම් පැරණීයි "

" ඔබට ඔහුව පහසුවෙන් සොයා ගත හැක හෝසෙක්. ඔබ දෙදෙනාගේ බැදීම ආත්මගතයි. දකුණට ගමන් කරන්න " එසේ පැවසූ ටයිටන්වරිය අතුරුදහන් වූයේ හෝසෙක්ව ඩෙලොස් දූපතේ තනිකරමින්.

" හ්ම්ම්ම්. යමු එහෙනම් " හෝසෙක් සුසුම් ලෑවේ තමාට ලැබුණු සළකුණ අතගාමින්

***********************

" ආව් ඇයි මගෙ බෙල්ල පිච්චෙනවා වගේ දැනෙන්නේ ? උරහිස මදිවට තව මගුලක්. " යුන්ගි කෑගැහුවේ තරහින්.

" අර ලූපා මාත් එක්ක විහිළුවක් නම් කරේ බලාගමුකෝ. මාව හොද කරන්න පුළුවන් ආත්මගත බැදීමක්ද මොකක්ද තියෙන එකා පාළු ළිදකවත් වැටිලද දන්නේ නෑ. ඒ අස්සේ ඇයි මේ පිච්චෙනවා වගේ දැනෙන්නේ ? ෆීනික්ස් කුමාරයෙක් වෙච්ච මට ගින්නෙන් හානියක් නෑනේ . අනේ මන්දා "

ඒත් එක්කම යුන්ගිට ඇහුණේ තටු ගහන සද්ධයක්.

" ආයෙත් ආවද කපුටු රැළ? තමුන්ලා හැප්පුණේ වැරදි කෙනා එක්කයි. මම තමයි sward alpha . අද නම් තමුසෙලාගේ තටු ගලවනවා මම "

**************************

" නම්ජුන් ට ජයවේවා ! ප්‍රීටර්ට ජයවේවා !! "
මුලු රෝමානු කදවුරම කෑ ගැහුවේ නම්ජුන්ගේ නම කියලා. මොකද කියනවානම් ඔහුගේ බුද්ධි මහිමයෙන් නැවතත් කදවුරු දෙක සමගි කරලා නැතිවුණ රාජාලි සළකුණ ආයෙ කදවුරට ගෙනාපු නිසා. ග්‍රීක උපදෙවියෙක් වූ මොහු රෝමානු කදවුරේ ප්‍රීටර් කෙනෙක්. එක්වරම කදවුරේ ඝෝෂාව පරයා ඇහුණේ ගැඹුරු කටහඩක්.

𝑫é𝒋à 𝑽𝒖 [ BTS X FANTASY  ] || ✔Where stories live. Discover now