Chapter 21 - Stay Alive

494 120 79
                                    

" දෙවියනේ මෙහ‌ෙ හරිම ලස්සනයිනේ. " ජන්කුක් කීවේ සුරදූත දිවයිනේ සුන්දරත්වය විදින ගමන්. එය ඒ තරම්ම ලස්සනයි. සුරදූත දිවයිනට සන්ධ්‍යා කාලය ලබලයි තිබුණේ. එහි මාළිගාව තිබුණේ දිවයින මධ්‍යයට වෙන්න. මේ සුරදූත දිවයිනට හිම වැටෙන කාලය. සියල්ල හිම වලින් වැසිලයි තිබුණේ. ඈතින් තිබුණු මාළිගාව අලංකාරව දිලිසෙනවා

 ඈතින් තිබුණු මාළිගාව අලංකාරව දිලිසෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( මේ වගේ එකක් මවා ගන්න ඈ. ඇත්ත රාජධානියක් )

" මෙහෙ ලස්සන වුණාට ජන්කුක් මෙහෙ වෙන හැමදෙයක්ම ලස්සන නෑ. හැමෝම පිරිසිදු හිත් තියෙන අය නෙවේ. එහෙම අය නිසා පිරිසිදු ආත්ම වලටමයි ශාපවලට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. " ජිමින් කීවේ දුකින්. ජන්කුක් පුදුමයට පත් වූ අයුරින් හිස සැළුවත් ඔහු සියල්ල දැන සිටියා. ජිමින්ටත් වඩා.

" ඒක නෙවේ. ඇයි මෙහෙ අනිත් කට්ටිය පේන්න නැත්තේ. මේක හරියට පාළුවට ගියපු තැනක් වගේනේ. "

" ඒක මටත් හිතා ගන්න බෑ යුන්ගි හියොන්ග්. මට හිතෙන්න සුරදූත රජුගේ මරණය නිසා වෙන්න ඇති. "

" මොකක්? ඔයා මේ මොනවද කියන්නේ? රජතුමා මැරිලද? "

" ඔව් ජින් හියොන්ග් "

" පොඩ්ඩක් ඉන්න. ටේ මෙහෙ කුමාරයා නම්, ටේගෙ තාත්තානේ රජතුමා වෙන්නේ. ඒ කියන්නේ ටේගෙ තාත්තා මැරිලද? කොහොමද? කවද්ද? " නම්ජුන් ඇහුවා. නමුත් තප්පර කිහිපයක් ගතවෙනකම් ජිමින් උත්තර දුන්නේ නෑ

" ඒක වුණේ අපි විල ගාවට එන්න කලින් දවසේ. ඒත් මම හේතුව නම් දන්නේ නෑ. " ජිමින් කැමති වුණේ නෑ පිරිස තුළ ටේ ගැන වැරදි හැගීමක් ඇතිවෙනවට.

" ජිමින් ඔයා මොනවා හරි අපෙන් හංගනවා නේද? ඔයා බොරු කියද්දි මට හොයන්න පුළුවන්. " යුන්ගි කීවේ ඇස් දෙකත් කරක කරක

𝑫é𝒋à 𝑽𝒖 [ BTS X FANTASY  ] || ✔Where stories live. Discover now