Chapter 6 - Lie

541 129 84
                                    


සියල්ලෝම නෞකාවෙන් පිට වුණේ එදින රාත්‍රියේදීමයි. නම්ජුන් තරු මාලිමාව නෞකාවට සවි කළා. නැව ස්වයංක්‍රීයව වැඩ කරන නිසා කපිතාන් කෙනෙක් අවශ්‍ය වුණේ නෑ. නෞකාව තුළ කදවුරේ තිබුණු හැමදේම තිබුණා. නෞකාව කැබින් 7කින්, මුළුතැන්ගෙයකින්, ඉස්තාලයකින් හා නාන කාමරයකින් සමන්විත වුණා. නම්ජුන් ගෙ පෙගසස් නතර වුණේ ඉස්තාලේ.

කණ්ඩායම ඇතුළේ පොඩි පොඩි වාද විවාද ඇති වුණත් නම්ජින් දෙන්න සාම තූත මෙහෙවර හරියටම ඉෂ්ට කළා. අවසානයෙ හැමෝම සාමූහිකව තීරණය කලේ නිදා ගන්න. මොකද කියනව නම් හැමෝම තාමත් හිටියෙ කම්පනයෙන්. රාත්‍රියේ ජිමින්ට ඇහැරුණෙ පරණ හීනේ දැකලා. එයා කැබින් එකෙන් එළියට ආවේ හුළං වදින්න හිතාගෙන. ඒත් එයා දැකපු දෙයින් බය වුණු පාර කෑ ගැහුවේ යටිගිරියෙන්.

" හ්‍යන්ග්,, ඔයා මොනවද ඔය බොන්නේ? " ජිමින් ඇහුවේ වෙව්ලන ගමන්.

" සන්සුන් වෙන්න ජිමින්. මෙතන බය වෙන්න දෙයක් නෑ " එතන හිටියෙ හෝසෙක්. එයා වීදුරුවක් තොල ගාමින් හිටියෙ. ඒ බීම ලේ රතු පාටයි. ඒ ලේ නේද?

" හ්‍යන්ග් ළගට එන්න එපා " ජිමින් ආපහු කෑ ගහද්දී හැමෝම නැව් තට්ටුව උඩට එකතු වුණා.
ටේ ආවේ ජිමින් ගාවට

" චිමී මොකද වුණේ? ආපහු අර හීනෙද? "

" මොකාද යකෝ මේ මහ රෑ ඔපෙරා කියන්නේ? නිදාගන්නත් නෑ මගුල " කියපු යුන්ගි ඇවිත් හිටියෙ බෙඩ් ශීට් එක ඔළුවෙ පොරවගෙන.

" හොබී හ්‍යන්ග්, එයා- එයා ලේ බොනවා " ජිමින් කියද්දි ජන්කුක්, නම්ජුන් ගෙ පිටිපස්සට ගියේ බයවෙලා.

" මේ කොට තාරාවෝ, වැම්පයර්ස්ලා ලේ බොන්නෙ නැතුව එළකිරි බොන්නද කියන්නේ? මොන කෝලමක් ද මේ? මම යනවා නිදා ගන්න " යුන්ගි බැන බැනම ආපහු කැබින් එකට ගියා. ඒත් එක්කම හොබී හයියෙන් හිනා වෙවීම අනික් අය ගාවට එද්දි කුකී කෑ ගැහුවා.

" ළගට එන්න එපා. ඔයාට මගෙ බෙල්ලත් හිල් කරලා ලේ බොන්න හිතෙයි "

" අයියෝ මේ ලේ නෙවේ. බීට් රූට් යුෂ. ඊයා මම ලේ බොන්නෙ නෑ. ඒවා හරි අප්පිරියයි "

" කොහොමද විශ්වාස කරන්නේ? "

" ඔයාලම බීලා බලන්න්කෝ එහෙනම් " හොබී වීදුරුව දික්කරත් කවුරුවත් ඒක ගත්තෙ නෑ. ඒත් ප්‍රශ්නෙ විසදන්න ඕනි නිසා නම්ජුන් ඒක අරගෙන බීවා.

𝑫é𝒋à 𝑽𝒖 [ BTS X FANTASY  ] || ✔Where stories live. Discover now