Chapter 5 - Begin

627 140 134
                                    

" කාටහරි පුළුවන්ද මේ දේවල් පැහැදිලි කරන්න ? " ජන්කුක් කීවේ තමන් වෙව්ලන එක නවත්තගන්න උත්සාහ කරන ගමන්. ෂීහ්‍යුක් කියපු දේවල් වල වැඩි බලපෑමක් තිබ්බේ ජන්කුක් ට. ජන්කුක් ගෙ කදුළු පිරුණු ඇස් දැකලා හැමෝටම දුක හිතුණා. නැට්ට පාගගෙන කෑ ගහපු යුන්ගි පවා ඒ ඇස් දැකලා සන්සුන් වුණා. ටේ ගියේ ජන්කුක් ගාවට

" අයියෝ බයවෙන්න එපා. කියපු කිසි දෙයක් මට තේරුණෙත් නෑ හා පැටියෝ" ටේ කීවේ ලස්සනට හිනාවෙන ගමන්. ශුද්ධ වුණත් නැතත් ටේට තිබුණේ සුරදූත හිනාවක් එක්ක ලස්සන හදවතක්. " නායකතුමා, නම්ජුන් නේද් නම කීවේ? කොණක ඉදන් මේවා පැහැදිලි කරනවද? "

" ඔක්කොටම කලින් අදුරගෙන ඉමු. නැත්තම් මේ යුන්ගි තව කාටහරි කොටන්න බැරි නෑ ඩීමන්ස්ලා කියලා හිතාගෙන. " හෝසෙක් හිනා වෙවී කියද්දී යුන්ගි හැමෝටම රවලා ගිහින් පැත්තකින් වාඩි වුණා. මුලින් කතා කරේ නම්ජුන්.

" මම කිම් නම්ජුන්. ඩයනයිසියස්ගේ පුතෙක්. අර්ධ ලෝහිතයෙක්. ඒත් රෝම කදවුරේ ජීවත් වුණේ. මම ප්‍රීටර් කෙනෙක් වගේම දොලොස්වෙනි ෆුල්මිනාටා බලකායේ සෙන්චූරියන් කෙනෙක්. ඒ වගේම ඩයනයිසියස්ගේ ඊලඟ ලෙෆ්ටිනන්ට් "

" වයස කීයද එතකොට? " එහෙම ඇහුවේ ජින්.

" මට 19 යි "

" ඒ කියන්නේ මගෙ වයසෙමයිනේ. " හෝසෙක් පිළිතුරු දුන්නේ ලස්සනට හිනාවෙන ගමන්. " මම ජන්ග් හෝසෙක්. ඔයාලා හොබී කියලා කතා කරන්න. ඒ වගේම මම වැම්පයර් කෙනෙක් "

" ඔයා වැම්පයර් කෙනෙක් නම් දවස් මෙහෙම එළියෙ ඉන්නෙ කොහොමද ? "ටේ ඇහුවේ පුදුමයෙන්

" ආහ් ඒක ආශීර්වාදයක්. මම ඉපදුණේ ඩෙලොස් දූපතේ. නිවුන්නෝ එහෙම නැත්තම් ආර්ටෙමිස් සහ ඇපලෝ ඉපදුණු දූපතේ. ඉතින් එයාලගෙ අම්මා ආලෝකයට අධිපති මට ආශීර්වාද කළා. අනික සූර්ය දෙවි ඇපලෝ මගේ හොදම යාළුවෙක්. ඒ වගේම මට සුවකිරීමේ බලය තියෙනවා "

" ඒ කියන්නේ ඔයා ලේ බොනවද? " ජන්කුක් ඇහුවේ ඇස් දෙකත් ලොකු කරගෙන.

" ඊයා අපෝ නෑ. ලේ වලට වඩා රස බීම කොච්චර තියේද? අනික ඒවගේ සීනී වැඩී "

" එතකොට මම සෝක්ජින්. ඇෆ්‍රොඩයිට්ගෙයි ඊරෝස් ගෙයි පුතෙක්. මම ආදරයේ පුත්‍රයෙක්. මට වශීකතනය කරන්න පුළුවන්. මම ශාපලත් කෙනෙක්. මගේ මූණ දැකපු මාව ස්පර්ශ කරපු ඕනම කෙනෙක් තප්පර ගාණක් ඇතුළත මැරෙනවා. මාව දැකලා නොමරුණු පළවෙනි සාමන්‍යය අය ඔයාලා. මමත් අමරණීය දෙවි කෙනෙක්. ඒත් මට තව 21 යි "

𝑫é𝒋à 𝑽𝒖 [ BTS X FANTASY  ] || ✔Where stories live. Discover now