Chapter 22

449 113 68
                                    

" අනේ මගෙ හියොන්ග් " ජන්කුක් කෑගගහා ඇඬුවේ දියමන්තිය තුරුළු කරගෙන. ජිමින්ගෙ ඇඬිල්ල ජන්කුක්ට දෙවෙනි වුණේ නෑ. හොබී කෑ ගගහ දෑතින්ම තමන්ගෙ කෙස් වලින් ඇද ගත්තේ පීඩනය වැඩි කමට. නම්ජින් දෙදෙනාගෙම ඇස්වලින් නොනවත්වාම කඳුළු ගැලුවත් ඔවුන් දෙදෙනාටයි මොවුන්ගේ වගකීම් පැවරී තිබුණේ.

" අනේ ජිමින්, කූ ඔය දෙන්නා ඔහොම අඬන්න එපා. දුකයි තමා. ඒත් අපි මොකද කරන්නේ? " ජින් කීවේ ජන්කුක් ජිමින් දෙන්නවම තමන්ට තුරුල් කරගන්න ගමන්.

" අනේ ජින් හියොන්ග්, පොඩි හියොන්ග්ට එන්න කියන්න. අපිට එයාව ඕනි ජින් හියොන්ග් "

" හරි හරි කූ. ඔක්කොම හරියයි. " ජින් ඔහුව සැනසුවේ ජන්කුක්ගෙ මෘදු හිසකෙස් පිරිමදින ගමන්. ජිමින් කොයිතරම් ඇඬුවත් ඔහු වචනයක්වත් පිට කළේ නෑ. නම්ජුන් උත්සාහ කළේ හොබීව සන්සුන් කරන්න.

" හොබී සන්සුන් වෙන්න. දැන් අපිට කරන්න දෙයල් ඉතුරු වෙලා නෑ එයා වෙනුවෙන්. එයා කැමැත්තෙන්මයි ගියෙ හොබී "

" මේකට මමයි වැරදි. මට තිබ්බා එයාව කොහොම හරි සනීප කරගන්න. ඒත් මට බැරි වුණා. එහෙම දුර්වල මගෙ ජීවිතේ එයාට ගන්න කියන්න. එයා මට පොරොන්දු වුණා ඇතුළට එන්නෙ නෑ කියලා " හොබී කෑ ගැහුවේ කුටිය දෙදරන තරම් සද්ධෙන්. බැරිම තැන නම්ජුන් හොබීගේ කන හරහා පහරක් එල්ල කළේ ඔහුව සන්සුන් කරගන්න. පුදුමයෙන් නම්ජුන් දෙස තප්පර ගණනක් බලා සිටී හොබී ඔහුගෙ උරහිසේ මුහුන හොවා ගත්තා.

" මට සමාවෙන්න. මමයි වැරදි " හොබී කෙඳිරුවේ හැඬූ කඳිළින්මයි.

" ඒක ඔයාගෙ වැරැද්ද නෙවේ හොබී. ඔයාට වැරැද්ද පටව ගන්න එපා. කවුරුවත් වැරදි කළේ නෑ. මම පොරොන්දු වෙනවා. හැමදේම හරියාවි. " නම්ජුන් පිළිවදන් දුන්නේ ඔහුගේ හිස සුමට ලෙස පිරි මදින අතරතුරයි.

ටික වෙලාවක් ගත වූ විට හොබී සන්සුන් වුණත් ජන්කුක් ජිමින් දෙන්නාව සන්සුන් කරගන්න ඔවුන්ට නොහැකි වුණා. මේ සියල්ල දෙස යුන්ගි බලා සිටියේ කිසිදු හැඟීමකින් තොරවයි. ජන්කුක් ජිමින් දෙන්නා ජින්ට තුරුල් වෙලා එතන පැය ගාණක් හොඳටම ඇඬුවා. ඔවුන් දෙදෙනාම ගොඩක් පොඩියි. ඒ වගේම ටේ ජිමින්ගෙ සහෝදරයා , යාළුවා , එකම පවුල හැමදේම. ටේ ජන්කුක්ට ළඟින්ම හිටපු කෙනා. මේ කාලය පුරාවටම ටේ ජන්කුක් ට ආදරේ කළේ තමන්ගෙම සහෝදරයෙකටත් වඩා. නූනාගෙන් ලැබුණු ඒ ව්‍යාජ සෙනෙහසට වඩා ටේගෙන ලැබුණු පිරිසිදු සෙනෙහස ජන්කුක්ට ගොඩාක් වටිනවා. මේ සියල්ල හමුවේ ජන්කුක් ජිමින් දෙදෙනාටම මේ වෙන්වීම දරාගත නොහැකියි. ඔවුන් අතර වූ බැඳීම ඒ තරම් ශක්තිමත්. මේ තරම් පොඩි වයසකට ඔවුන්ට මෙය දරාගැනීම අපහසුයි.

𝑫é𝒋à 𝑽𝒖 [ BTS X FANTASY  ] || ✔Where stories live. Discover now