Jamais Vu or Deja Vu?

513 112 42
                                    

( මම හිතනවා කට්ටියට මතක ඇති කියලා මේ ටේහා කියවන පොත කියලා.😁 දැන් ‌ටේහා කවුද කියලා අහන්න එපා ඉතිම්. ගිහින් Dreams Come True කියවන්ඩෝ )

____

කතාව කියවලා ඉවර වෙද්දි මට හුස්ම ගන්නත් අමාරු වුණා. මට දැණුනා මගේ ඇස් වලින් කදුළු බේරෙනවා කියලා. මම ටික වෙලාවක් පොත දිහා බලාගෙන හිටියා. ඒකෙ තිබුණු මල LOVE YOURSELF Album එකේ Back Cover එකේ තියෙන මල. එතකොට ඒ මාළුවා අර Dream On එකේ Whale. එතකොට මේ ඔප්පලා මද? ඒ ආමියානා කියන්නේ මේ whale ද? ඔප්පලා ආමිලව සංකේතවත් කරේ ඒ තනියම ඉන්න whale ගෙන් නේද? මගේ ඔළුව පුපුරන තරමට රිදෙද්දී ප්රශ්න ගොඩක් මගේ ඔළුවේ පිරෙන්න පටන් ගත්තා. මට මුළු කතාවම ඇස් ඉදිරියේ පේන්න පටන් ගත්තේ ෆිල්ම් එකක් වගේ. කම්පනය වැඩි කමට මම හයියෙන් කෑ ගැහුවා. ඒත් පොත අතෑරියෙ නෑ. ඒත් එකපාරටම මට දැණුනා පොත රත්වේගෙන එනවා කියලා. මට ඒක අතෑරුණා. තප්පර ගාණක් ඇතුළත ඒක ගිණි ගෙන අළු බවට පත් වුණා. මම ආපහු කෑ ගැහුවේ දැණුනු කම්පනේටයි.

" ජ්‍යෝන් ටේහා! තමුන් මොනවා කරනවා කියලද හිතාගෙන ඉන්නේ? " මට පිටිපස්සෙන් ඇහුණේ මන් හොදටම දන්න කටහඩක්. මම කවදාවත් ඒ කටහඩ අහලා මෙච්චර සතුටු වෙලා නෑ. මන් අනික් පැත්ත හැරුණේ ඒ මකර පැටියව ආයේ දකින්න. ඒත් මට මගෙ කදුළු පාලනය කරගන්න බැරිවුණා. ඒත් ඔප්පගෙ මූණෙ තිබුණේ යක්ෂාවේශ පෙනුමක්. සූබින් ටේයොන් ඔප්පලා දෙන්න එයගේ අතින් අදින ගමනුයි හිටියේ.

" හියොන්ග් සන්සුන් වෙන්න. ටේහා දැන් ඉන්නවනේ. " සූබින් කියනවා ඇහෙද්දී මම දුවලා ගිහින් ඔප්පව බදා ගත්තා. එයාට තුරුල්වෙලා මම ඇති වෙනකම් ඇඩුවේ මගෙ පීඩනය අඩු වෙන්න.

" ආයිශ් මේ කෙල්ල. මම අද එල්ලනවා කියලා හිතාගෙන ආවේ. ඒත් කොහොමද මම වචනයක්වත් කියන්නේ "

" හොද වැඩේ ජන්කුක් හියොන්ග්. මම බයේ හිටියේ ඔයා මෙයාට ගහයි කියලා. ඇති යන්තම්. මොකද මේ එයා අඩන්නේ ? "

" ‌අනේ ඔප්පා. ඔයාට අවුලක් නෑ නේද? " මට තවත් සන්සුන් වෙන්න බැරි වුණේ ඒ දසුන් මගේ ඇස් ඉස්සරහ පෙණුනු නිසයි.

" අනේ මගෙ මැණික, මුලින් සන්සුන් වෙන්නකෝ. මට කිසිම අවුලක් නෑ. ඇයි මේ ඔයා අඩන්නේ? ඔයාට අවුලක් නෑ නේද? " ඔප්පා කතා කළේ මගේ ඔළුව ආදරයෙන් සිප ගන්න ගමන්.

" දෙයියනේ ටේහා, ඔයා මට කියන්න එපා කීවට මට කියන්න වුණා. ඔයා නැතුව මේ හියොන්ග් හැසිරුණේ කුලප්පු වෙච්ච හරකෙක් වගේ. "

" ඒත් මම ඔයාට මෙහෙ එනවා කීවේ නෑනෙ ග්‍යු. ඔප්පා "

" අපි මුළු ග්රීසියෙම ඔයාව හෙව්වා ටේහා. මුළු ආරක්ෂක දෙපාර්තමේන්තුවම මේ හියොන්ග් දෙකක් කළානේ. ආරක්ෂක අංශ ඔක්කොම ඔයාව හොයනවා. " මම ඔප්පා දිහා බලද්දී හා දත් දෙක දාලා එයා

" අපිට කරන්න දෙයක් නැතුව ඉද්දී නෙතූ කතා කළා. එයාට කීවම ඔයා නෑ කියලා එයා තමා කීිවේ ඔයා මෙහෙ ඇති කියලා. ඔයාට Greek Mythology පිස්සුව තියෙනවා කීවා. පාතිනන් වලට ගිහින් බලන්න කීවා. ඇතීනගේ පිළිමෙ එක්ක කතා කර කර ඇති කියලා කීවා " ටේයොන් කීවේ හිනාවෙවී.

" ඒත් ඔයා මෙතන මොකක්ද කළේ උදේ ඉදන්? "

" ඔප්පා මට පොතක් හම්බුණා. මම ඒක කියව කියව හිටියේ. මම ඇඩුවේ ඒක කියවලා. "

" මොනවද ඒකෙ තිබ්බේ අඩන්න තරම්? "

" ඒක- " මම ආපහු ‌අළු ගොඩ දිහා බැලුවා. ඒත් කතාව කියන්න හැදුවත් මට අමුත්තක් දැණුනා. මම ඔප්පට කතාව කියන්න පටන් ගත්තා. " ඒක ඒක මේ- " ඒත් මට මතක තිබුනේ නෑ මොනවද කියන්න ඔ්නි කියලා. හරියට මම අතරමං වුණා වගේ

" ඔයා කියවපු පොත මොකක්ද කියන්නකෝ මැණික "

" මොන පොතක් ගැනද කියන්නේ ඔප්පා? " මම ඇහුවේ පුදුමයෙන්. මම කොයිවෙලේද පොතක් ගැන කීවේ

" ඇයි ඔයා දැන් කීවේ ටේහා "

" අනේ පිස්සුද සූබින් ඔප්පා? මම කියවපු පොතක් නෑ " දෙයියනේ මෙයාලය පිස්සුද මගෙන් පොතක් ගැන අහන්නේ. " මම ආවේ මේ පිළිමය බලන්න "

" හරි හරි දැන් ඒක ඉවරියි. අපි යමු දැන්. හෙට කොන්සර්ට් එකට ඉන්න ඔ්නි. ආරක්ෂක අංශ වලට කියන්නත් ඔ්නි " ඔප්පා මගේ අතින් අල්ලගෙනමයි ගියේ. ඇත්තටම මෙයාලා මොකටද පොකත් ගැන කියවන්නේ? මට අමුත්තක් දුණුනු නිසා මම ආපහු පිළිමය දිහා බැලුවා. එතන හිටියේ ලස්සන පූස් පැටියෙක් විතරයි. ඒත් ඒත් එයාගේ ඇස් දෙක පාට දෙකක් නේද?






THE END

A/N බලලා යන්ඩෝ

A/N බලලා යන්ඩෝ

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

2022.02.27

𝑫é𝒋à 𝑽𝒖 [ BTS X FANTASY  ] || ✔Onde histórias criam vida. Descubra agora