Chapter 11 - Shadow

526 123 79
                                    

 ජිමින් හිටියේ හොදටම කම්පනය වෙලා. එයාට වෙන්න යන දේ ගැන තේරුනේ නෑ. එයාගේ කන් ඇතුලේ දෝංකාර දුන්නේ යුන්ගිගේ වචන. ඒ සිහියෙන් හිටපු ජිමින්ට තේරුනේ නෑ බෝට්ටුව කඩා වැටෙන්න යනවා කියලා. නැව ඇතුළේ ඉන්න හැමෝම කෑ ගැහුවත් ජිමින්ට ඇහුණේ නැ.

" ඒ ජිමින්ශී.................................. හොද සිහියට එනවා...................... " ජන්කුක් කෑගැහුවත් ජිමින්ට ඇහුණේ නෑ. කාටවත් කිසි දෙයක් කරන්න පුළුවන් වුණේ නෑ. අඩුම තරමේ ‌ටේටවත් තමන්ගේ යාළුවාව බේර ගන්න පුළුවන්කමක් තිබුණේ නෑ. ඔහු සිටියෙ ගොඩක් දුර්වලව. ඒත් ජන්කුක් කලේ කවුරුවත් නොහිතපු දෙයක්. 

" ඇවාරෝ රෙමෝනියම්

ජන්කුක් කෑ ගහනවත් එක්කම ඔහුට සිහි නැතිවෙත්දී ඔහුගේ ශරීරයෙන් පිටවුණේ අලංකාර ශ්වේත මකර ආත්මයක්. 

ජන්කුක්ගේ ශරීරයෙන් පිට වුණු මකරා පියබා ගොස් ජිමින්ව ඩැහැගත්තා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

ජන්කුක්ගේ ශරීරයෙන් පිට වුණු මකරා පියබා ගොස් ජිමින්ව ඩැහැගත්තා. ජිමින් මකරා සමග නිරුපද්රිතව නැව් තට්ටුව මතට ගොඩ බැස්සත් ජිමින් ට කෙලින් හිට ගන්න පුළුවන් වුණේ නැ. ඔහුව එහෙමම බිම ඉන්දවුණා. මකරා නැවතත් ජන්කුක්ගේ ශරීරයා ඇතුළු වුනාට පස්සේ ජන්කුක් කෙලින් ඉද ගත්තත් ඔහු සිටියේ දුර්වලව

" ඔහ් මගේ ඔළුව!! " ජන්කුක් ඔඵවත් අල්ලගෙන කියද්දී ඔහුගේ නහයෙන් ලේ ගලන්න පටන් ගත්තා. 

" ජන්කුක් ඔයාගේ නහයෙන් ලේ එනවා. " ජින් කෑ ගහනවත් එක්කම ජන්කුක්ට සිහිය නැති වුණා. 

" ඔහ් මේ කොල්ලා කරොත් කරන්නේ ඔය වගේ වැඩක්මයි. හොබී එයාව බලන්න. එතකොට ජිමින්, ඔයා මොන සිහියෙන්ද හිටියේ? තටු ගැලවිලද? " නම්ජුන් බැනගෙනම හැරෙද්දිිියි දැක්කේ ජිමින්ගේ මූණ " චිමී මොකද මේ? ඇයි ඔයා මේ බයවෙලා? ‌කෝ එතකොට යුන්ගි ? " ඒත් එක්කම  ගිහින් ජින්ව බදා ගත්තා. 

𝑫é𝒋à 𝑽𝒖 [ BTS X FANTASY  ] || ✔Donde viven las historias. Descúbrelo ahora