Chapter 23

414 116 10
                                    

" ඒ කියන්නේ හියොන්ගෙ මරණය කලින් ඉඳලම වෙන්න තිබුණු දෙයක් කියලද? " ජන්කුක් ඇහුවේ හොඳටම පුදුම වෙලා.

" ‌මේ වෙච්චි දෙයත් එක්ක අපිට එහෙම තමයි හිතන්න වෙන්නේ. අනික ගවේෂණය සම්පූර්ණ කරන්න නම් හත්දෙනාම ඉන්න ඕනි. අනාවැකියේ එහෙමනේ කියන්නේ. ලයිලැක් පුෂ්පයේ සත් ආත්මයන් එකතු වෙන්න ඔ්නි කියලනෙ කියන්නේ. ඒකේ තේරුම ටේ මැරුණා කියලා ගවේෂණයට බාධාවක් වෙන්නේ නෑ කියන එක ‌නේද? හරිටයට බැලුවොත් යශ්ටිය ටේව නිරූපණය කරනවා වගේ " නම්ජුන් දුකෙන් වුණත් සත්‍ය පැහැදිලි කළා.

" ඒකනේ අපි තවත් මෙතන දුක් වෙවී ඉඳලා වැඩක් වෙන්නෙ නෑ. යශ්ටියත් අරගෙන යමු. නැත්තම් තව කවුරු කවුරු අඩුවෙයිද දන්නෙ නෑ." දුකින් වුණත් යුන්ගිගෙ කතාවෙ ඇත්ත හැමෝම පිළි ගත්තා. ඔවුන් මෙය අවසන් කළයුතුයි. නැතහොත් අනාගතයේ ටේ වගේ අහිංසක ජීවිත දහස් ගාණක් අනතුරේ වැටෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩී.

" මට සමාවෙන්න ජිමින්. මට ඔයාව තේරුම් ගන්න පුළුවන්. අපිටත් දුකයි තමා. එහෙම කියලා අපිට හැමදාම මෙතනට වෙලා අඬ අඬ ඉන්න බෑනේ. අපිව එක්ක යන්න කුටිය ගාවට. "

" මට ඔයා කියන දේ හොඳට තේරෙනවා ජුනී හියොන්ග්. අපි යතාර්ථයට මුහුණ දෙන්න ඕනි." ජිමින්ගෙ කට හඬ හරිම හිමීටයි අනික් අයට ඇහුණෙ. " ඒත් මෙතනින් එහාට යන විදිහක් ගැන මම දන්නෙත් නෑ." ජිමින් එහෙම කියනවාත් එක්කම අවකාශයේ පාවෙමින් තිබුණු යශ්ටියේ දිස්නය එක්වරම වැඩි වුණා හැමෝවම පුදුමයට පත් කරමින් එය ගමන් කරන්න පටන් ගත්තේ අන්ධකාරය දිහාවට.

" ඒ යශ්ටිය. මට හිතෙන්නෙ ඒක සුරදූත යශ්ටිය ගාවට යන්න පාර පෙන්නනවා. අපි යමු දැන් ඉක්මණට " නම්ජුන් ඉස්සර වුණා.

***********

  ඔවුන් පැය භාගයක පමණ කාලයක් යශ්ටිය පිටුපසින් ගමන් කළා. නමුත් කවුරුවත් උද්‍යෝගිමත්ව හිටියෙ නෑ. යන්නම් වාලෙ යශ්ටිය පස්සෙන් ඔහේ ගියා විතරයි. මේ කාලෙ පුරාවට ජිමින්වත් ජන්කුක් වත් වචනයක් වත් කතා කළේ නෑ. නම්ජුන් සහ ජින් වරින් වර කණ්ඩායමේ ධෛර්ය වඩවන යම් යම් දේ පැවසුවත් ඒවායින් කිසිම පලක් සිදුවුණේ නෑ. වටාපිටාවම තිබුණේ දැඩි නිශ්ශබ්දතාවයක් යටතේ. නමුත් එක්වරම ඒ අන්ධකාරයට කිසිසේත්ම නොගැළපෙන දෙයක් පිරිසට ඇහුණා.

" වුෆ්!!! " එය ආවේ උමගෙ කෙළවරින්.

" මොකක්ද ඒ සද්ධෙ? බලු පැටියෙක් නේද?" මෙවර නම් ජන්කුක් කතා කළා.

" අපි ඉක්මණ් කරමු ඒ මම හිතන කෙනා වුණොත් හොදයි " මෙවර ජිමින්ගේ මුහුණේ සිනා පොදක් දැවටී තිබුණා. 

𝑫é𝒋à 𝑽𝒖 [ BTS X FANTASY  ] || ✔Where stories live. Discover now