Chapter 26

454 123 29
                                    

නමුත් සියල්ලෝවම පුදුම කරමින් ජන්කුක්ගේ අතේ තිබුණු ටැටූ එක දිලිසෙන්න පටන් ගත්තා. එහි තිබුණු V හැඩය නැවත ටැටූ එකේ සටහන් වුණේ දිලිසෙමිනුයි.

" මොකක්ද ඒ වුණේ? ජන්කුක්ගෙ අතත් දිලිසුණා නේද? ඇයි ඒ කූ?"  

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" මොකක්ද ඒ වුණේ? ජන්කුක්ගෙ අතත් දිලිසුණා නේද? ඇයි ඒ කූ?"  

" ඒක ගැන නම් මම දන්නේ නෑ. මම ඇවිලොන් විල ගාවට ආවෙත් ඒකෙ තේරුම හොයාගන්න තමයි. ඒත් මට මෙච්චර කල් ඒක ගැන අමතක වෙලා හිටියේ. "

" පොඩ්ඩක් ඉන්න. මම ටේව නම් කරද්දිමයි ඒක සටහන් වුණේ. ඒ කියන්නේ මෙතන කියන්නේ අපේ කණ්ඩායම වෙන්න පුළුවන්. අපි බලමුකෝ. වී කියන්නේ ටේ වෙන්න ඇති. එතකොට මේ J අකුරු වලින් ජන්කුක්, ජිමින්, ජන්ග් වගේම ජින්. එතකොට මේ M Y වලින් මින් යුන්ගි. එතකොට ඔක්කෝම එනවා. "

" ඒත් ඔයා නෑනේ හියොන්ග්. ඔයයි අපේ නායකයා වෙන්නේ. " ජන්කුක් කීවේ මූණ ඇඹුල් කරගෙන

" මම ඉන්නවා කූ. RM කියන්නේ මට තමයි. කදවුරේ අය මට එහෙම කතා කළා. " 

" ඒ ඔක්කොමත් හරි. එතකොට මේ ARMY කියන වචනේ මොකක්ද? ආමියානාද? "

" නෑ ජිමින් ඒ ආත්මය වෙන්න බෑ. ඒක එහෙමනම් සම්පූර්ණ නම තියෙන්න ඔ්නි. මේකෙ තේරුම අනාගතයේදී අපිට තේරුම් ගන්න පුළුවන් වෙයි. වී අකුර වගේ " නම්ජුන් පැහැදිලි කළා. " ඒවා පස්සේ බලමු. ටේ දැන් කියන්න මොකද වුණේ කියලා. ඔයා මැරුණෙ නැද්ද? "

" නෑ මම ඇත්තටම මැරුණා. "

" එහෙනම් කොහොමද මෙහෙම?" 

" මෙහෙයහි මම මැරුණා කීවට ඒක හරියට මට නින්ද ගිහින් ආපයු නැගිට්ටා වගේ. මගේ පරණ ශරීරයි විතරයි විනාශ වුණේ. ආත්මයට මුකුත් වුණේ නෑ. මම ආපහු ඇස් අරිද්දි මට ලොකු සහනයක් දැනුණා. මෙච්චර කල් තිබුණු මගේ ඔක්කොම වේදනා නැතිවුණා වගේ හරියට. මම ඇස් අරිද්දි මාත් එක්ක හිටියේ ආර්ටෙමිස් උත්තමාවිය. එතුමිය මට වරයක් ලබා දුන්නා.  මගේ අත්වල ලේ තැවරුණාට මගේ ආත්මය සද එළිය තරම් පිරිසිදුයි කියලයි එතුමිය කීවේ. එයා ආපහු මාව සුරදූත දිවයිනටම එව්වා. මම පැය ගාණකට විතරයි ඔයාලගෙන් ඈත් වෙලා හිටියේ. ඒත් මට ශරීරයක් ලැබෙනකම් ඔයාලට මාව පෙණුනෙ නෑ. ඒකට දවස් තුනක් යනවා කියලා උත්තමාවිය කීවා. ඔයාලා යශ්ටිය ගත්ත වෙලාවෙ ඉදනුයි මම ඔයාලා එක්ක හිටියේ. ඒත් එක්කෙනෙක් දැනගෙන හිටියා මම එතන ඉන්නවා කියලා. "

" ඒ ඉයුන්ජින් නේද? එහෙනම් එයා කීවේ ඒක. ඔයාව බලා ගන්න කියලා. අනික එයාව එවලා තිබ්බෙත් සද දෙවගනමයි නේ " 

" අයියේ නෑ කුකියෝ. ඒ ටැනී දෙයියනේ. මාව සත්තුන්ට පේනවා. යුන්ගි හියොන්ග් වුණත් වෘක ස්වභායෙන් හිටියා නම් මාව පේන්න තිබ්බා. "

" එහෙනම් ඒකයි ඒ. ටැනී හරිම සතුටින් හිටියේ ඒ වෙලාවේ. අවකාශය නෙමේ ඒ. ඒ ඔයා "

" ඔව් කූ ඒ මම තමයි. " ටේ කතා කළේ සතුටින්. කොහොමහරි ඉතින් මම ආපහු ආවා.

" හෝව් හෝව්. ඔයාලා ටිකක් සද්ධ කරන්නෙ නැතුව ඉන්න. " 

" ඇයි යුන්ගි හියොන්ග්? මොකක් හරි අවුලක්ද? " මූණේ තිබුණු කදුඵත් පිහදගෙන යුන්ගි වහා නැගිට්ටා. 

" ඉක්මණ් කරන්න. අපි මේ දැන්මම යන්න ඔ්නි. අපිව වට කරලා ඉන්නේ. ඉක්මණට නැගිටින්න. " යුන්ගි කලබලෙන් කෑ ගහද්දි හැමෝම නැගිට්ටා. " දැන්ම යන්න වෙනවා. අපිට යන්න වෙන්නේ කූ එක්ක. නැත්තම් අපිට ස්ටොන්හෙන්ජ් නෙවෙයි යන්න වෙන්නේ." 

" හියොන්ග්ගෙ කතාව ඇත්ත. ඒ එන්නෙ ඔරායන්. එයා එක්ක මිනිස් වෘකයො රැළකුත් ඉන්නවා. " ටේ කතා කළේ කලබලෙන්. ඔරායන්ට අණ ලැබිලලු තියෙන්නේ ගවේෂණය නතර කරන්න. එයා හරිම දරුණු කෙනෙක්ලු. එතකොට ඔය වෘක රැළේ නායකයත් එහෙමයි. මට එයාගේ නම නම් මතක නෑ හැබැයි. 

" මට හිතෙන්නේ ඒ ලයිකේයන් වෙන්න ඔ්නි. සියුස් එයාවනේ වෘකයෙක් කරේ."

" ඔව් ජුනී හියොන්ග්. ඒ එයා තමයි. "

" ඉතිහාසය ඉගෙන ගත්තා ඇති. දැන් යමු දෙයියනේ " යුන්ගි කෑ ගැහුවේ බැරිම තැන






කියන්න නම් දුකයි. තව කොටස් දෙකකින් කතාව ඉවරවෙයි ගොඩක් දුරට. මම හිතනවා ඔයාලට මම කියන්න හදපු දේ තේරෙන්න ඇති කියලා.  Deja Vu කියන වචනේ තේරුම නිකම් අපිට වෙලාවකට හිතෙන්නේ මේ දේ කලින් සිද්ධ වෙලා තියෙනවා වගේ දෙයක්. අන්න ඒකයි ඒකෙ තේරුම. මේකෙ විරුද්ධ පැත්ත තමයි Jamais Vu.  ඒ කියන්නේ අපි හොදටම දන්න දෙයක් වුණත් එක පාරට අපි නොදන්නවා කියන එක.ඒ වගේම මේ වචන දෙකම French.  කතාවේ අන්තිමේට ඔයාලට පැහැදිලි වෙයි ඔක්කොම. ඒත් අනේ ඔයාලට කතාව තේරුණා නම් ප්ලීස් මට ඉන්බොක්ස් කියාගෙන යන්න. මම වෙන මුකුත් ඉල්ලන්නේ නෑ. කතාව තේරුණද නැද්ද කියලා කියාගෙන යන්න. 

𝑫é𝒋à 𝑽𝒖 [ BTS X FANTASY  ] || ✔Where stories live. Discover now