Chapter 1 - Stigma

1K 173 77
                                    

" ඇයි මට මෙහෙම වුණේ? මම මෙච්චර ආදරේ කරන මගේ මූණ නිසාම නේද මට මෙහෙම ඉන්න වෙලා තියෙන්නේ? එහෙනම් ඇයි මම ඉපදුණේ? මම විශ්වයේ ඉන්න සුන්දරම කෙනා වුණාට ඒකෙන් තියෙන යහපත මොකක්ද? වෙන කෙනෙක් ගෙ ඇස්වලින් ඒ සුන්දරත්වය දකින්න බෑ. ඒ හැමෝම මැරෙන්නෙ තප්පර ගාණක් ඇතුළත. එයයි මට ලැබුණු ශාපය. මට අවශ්‍ය මට ම වෛර කර ගන්න. ඒත් ඊට වඩා මම මට ආදරේ කරනවා "

ජින් තමාටම කියාගත්තේ රැල්ල ගහන මුහුද දෙස බලාගෙනමයි. ඔහුව ඔලිම්පස් වලින් පිටුවහල් කරද්දී ඔහුට උදව් කිරීමට ඉදිරිපත් වූ එකම තැනැත්තා මුහුදට අධිපති පොසෙයිඩන් උතුමාණන් පමණයි. මන්ද යත් ඔහුගේ මුහුණ දෙස බැලීමට හැකි කිහිප දෙනා අතරට ඔහුත් අයිති වීමයි. ඒ ඔහුත් මුහුදෙ කොටසක් වූ නිසා. එයට හේතුව නම් ඔහුගේ මවටයි පියාටයි දෙපළටම මුහුදේ අක්මුල් පැවතීමයි. ඇෆ්‍රොඩයිට් ඉපදුණේ මුහුදට වැටුණු උරානොස්ගෙ කැබලි වලින් සෑදුණු පෙණවලින්. කියුපිඩ් නොහොත් ඊරෝස් ඇෆ්‍රොඩයිට්ගේම පුත්‍රයා ය. ජින් කියලා කියන්නේ. මවගෙන් පුතාට දාව ඉපදුණු කෙනෙක්. ඒ නිසාම ඔහු ශාපලද්දෙක්. ඔහුට ලැබුණු ශාපය නම් වචනයෙන් විස්තර කළ නොහැකි සුන්දරත්වය යි. ඔහුගේ මුහුණ දෙස බලන ඕන කෙනෙක් තප්පර ගාණක් ඇතුළත මරණයට පත්වීමයි.

" නැහැ. ඔබේ මුහුණ දකින්න පුළුවන් තවත් පිරිසක් ජීවත් වෙනවා. "

ජින්ට ඇහුණේ වෙනත් කෙනෙකුගේ කට හඩක්. ඔහු පිටුපස හැරී බලද්දී දුටුවේ පූසෙක් වගේ සතෙක්ව. ඒත් පූසෝ කවද්ද් කතා කරන්නේ? ඒත් මේ සමාන්‍ය පූසෙක් වෙන්න බෑ. එයාගෙ එක ඇහැක් නිල් පාටයි. අනික කොළපාටයි.

" ඔබ කවුරුන් ද? "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ඔබ කවුරුන් ද? "

" මමයි විශ්වයේ ආත්මය. සියලු දෙනාගෙම දෛවයද මමයි. කාලය වන්නේද මමයි. " පූසා පිළිතුරු දුන්නා.

𝑫é𝒋à 𝑽𝒖 [ BTS X FANTASY  ] || ✔Where stories live. Discover now