Chapter 17

506 114 9
                                    

යුන්ගි වේදනාත්මක කෑගැසීමක් සමඟ බිම වාඩි වුණේ තම උරහිස අල්ලගෙන.

" අනේ හියොන්ග් " යුන්ගි තල්ලු කරපු සැරේට විසිවුණු ජන්කුක් ආපහු දුවගෙන ආවෙර් යුන්ගි ළඟට.

" මොන මගුලක්ද ඒ පාර? කවුද හැංගි හැංගි පහර දෙන්නේ? "  නම්ජුන් කතා කළේ තරහින්.

" කවුද කියලා හිතා ගන්න බෑ. ඒත් අපිව වට කරලා ඉන්නේ. මගෙ ඉවට ඒක දැනෙනවා. " යුන්ගි කතා කළේ අමාරුවෙන්.

" ඔයාට අමාරුයි යුන්ගි හියොන්ග්. හොබී එයාව බලන්න ගිහින් "

" නෑ ජූනී. අපි මුලින්ම ආරක්ෂාව තියෙන තැනකට යන්න ඕනි. පස්සෙ මගෙ උරහිස ගැන බලමු. කොහොමත් මට මේ වේදනාව පුරුදුයි. ඒක ආවේ කාලෙකට පස්සෙ " යුන්ගි කීවේ හොබීටවත් ඒක හොඳ කරන්න බැරි බව දන්න නිසා.

" ඒත් හියොන්ග් "

" ඒත් මේත් නෙවේ ජිමින්. අපි දැන් යන්න ඕනි. මගෙ උරහිසට වඩා ඔයාලගෙ ආරක්ෂාවයි වැදගත් වෙන්නේ. " යුන්ගි තරහින් කියද්දි හැමෝගෙම කටවල් වැහුණා.
ඔවුන් දැන් සිටියා යුන්ගි ලේසියෙන් තීරණයක් වෙනස් නොකරන බව.

" හරි එහෙනම්. දැන් අපි මොකද කරන්නේ? එයාලා අපිට ළඟින් ද ඉන්නේ?  "

" නෑ මට එයාලගෙ ඉව දැනෙන්න පටන් ගත්තේ දැන් ටික වෙලාවක ඉඳන්. එයාල අපිට ළඟයි නම් තමා. ඒත් එයාලා ඉන්නෙ සැතපුමක් විතර දුරින්. ඒ කියන්නෙ එයාලයි අපියි අතරෙ පැයක දුරක් තියෙනවා. "

" මොකක්? එහෙම වෙන්නෙ කොහොමද? ඊතලයක් කොහොමද සැතපුමක් දුර විදින්නේ? යුන්ගි හියොන්ග් ඔයාට ඔයාගෙ ඉව හොදටම විශ්වාසද? " ජන්කුක් ඇහුවේ ප්‍රශ්නාර්ථයක් සහිතව.

" නෑ යුන්ගි ගෙ ඉව හරි. ඒක වරදින්න විදිහක් නෑ. ඒක සෙවුම් ඊතලයක් වෙන්න ඕනි. "
නම්ජුන් කියනවාත් එක්කම යුන්ගි ගෙ උරහිස තුවාල කරපු ඒ ඊතලය නැවතත් ආපු මගේම ගමන් කළා.

" මම කීවා හරි. ඒක සෙවුම් ඊතලයක්. ඒක වැඩ කරන්නෙ හරියට බූමරංගයක් වගේ.එයාල කවුරු වුණත් , එයාලා  දන්නවා අපි ඉන්නවා කියන්න. දැන් ඒකෙ යුන්ගිගෙ ලේත් තියෙන නිසා එයාලට ලේසී අපි ඉන්න තැන හොයාගන්න. "

𝑫é𝒋à 𝑽𝒖 [ BTS X FANTASY  ] || ✔حيث تعيش القصص. اكتشف الآن